Skip to main content

කාර්යබහුල අවුරුද්දකට පස්සෙ ...

කාර්යබහුල අවුරුද්දකට  පස්සෙ ....

          ඉතින් හැමෝටම ආයෙමත් ආයුබෝවන් ....


උපාධියෙ  වැඩ වලින් පොඩි විවේකයක් ලැබුන. 

Comments

  1. එහෙනං ආයෙ පට්ටාං ගම්මු ලියන්න.

    ReplyDelete
  2. මෙහෙම සටහනක් හරි තියපු එක කොච්චර දෙයක් ද? එතකොට අපි දන්නව නෙ මේකා බ්ලොග් එක්ක තවම ඉන්නව කියල. අර රසවත් ලිපි ආයෙත් ඈතින් පේනව වගෙ. ඉතින් ඔය විවේක කාලෙ තව මොනව හරි ලියන්න.

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් පට්ටාං ගනිමු. උඹ ආපහු දකින්න ලැබීමත් සතුටක්.

      Delete
  3. ඇති යාන්තන්....
    ඉස්සර වගෙම අයෙත් ලියපන්...

    ReplyDelete
  4. ලියපපාපාන්.එහෙනම් ...:)

    ReplyDelete
  5. එහෙනම් අලුත් ෆොටෝ ටිකක් බලමු...

    ReplyDelete
  6. නොදකිං තෝ
    අපරාදෙ මං දුහගන ආවේ
    ලියපියකො

    ReplyDelete

Post a Comment

කරුණාකර ගැටළුවක් මතුවුවහොත් මේ සමග ඇති මුලාශ්‍ර භාවිතා කරන්න...

Popular posts from this blog

තහනම් කලාපය සහ භූත නගරය 1 කොටස( Exclusion Zone and the Ghost town part 1) )

හි තවත් පාඨකයින්ට සමහරක් විට මතක ඇති රස්තියාදුකාරයා දීර්ඝව නෝමැඩ් වරුන් පිළිබඳව විස්තර කල විත්තිය.මේ ගැන ඔබට විස්තර කරන සිදුවුනේ රස්තියාදුකාරගේ ඉදිරි චාරිකාවේ දී රුසියානු කලාපය අවට වෙසෙන නෝමැඩ්වරුන් පිළිබඳව තරමක දැනීමක් අවශ්‍යව තිබුණු නිසාවෙන්. නැතිනම් “පාවෙක් නෝමැඩ්වරුන්” නැතිනම් “ටූබි නෝමැඩ්වරුන්” , “කසකස්ථාන නෝමැඩ්වරුන්” පිළිබඳව විස්තර කිරීමේදී ඔබ අපහසුවට පත්වෙයි.   කසකස්තාන තැනිතලා කාල්ස් පියතුමාගේ හුදෙකලා නිවස පිහිටියේ තෙරක් නොපෙනෙන කසකස්ථාන තැනිතලාවක මධ්‍යට යම් ආසන්න බවකින් යුතුව. කුඩා කාල්ස් නිවස දෙමහල් බොහොම පැරණි පෙනුමක් ආරූඪ කරගත් වලව්වක් වැනි නිර්මාණයක්.උඩුමහලේ නිදන කාමරත් පහත මහලේ සාලය හා කුස්සියත් සමඟ උස බිත්ති සහිත යාඥා කාමරයක් ඇතුලත් වුනු එය රස්තියාදුකාරයා දුටු චාම් බවෙන් “අන්තයටම” පැමිණුනු නිවෙසක්. රස්තියාදුකාරයා කාල්ස් නිවසට යන විට එම පලාතම තිබුනේ තද ශිතලක.බිහිසුණු උඩුබිරිලීමක් වැනි ස්වරයකින් හාත්පස කැරකෙන ශීත සුළඟ කාල්ස් නිවසේ පැරණි ජනේල මත හැපුනේ ඒවා දැඩි අපහසුවකට ලක් කරමින්. “ඔය යුරල් පැත්තෙ ඉඳන් හමන යක්ෂයාගේ සුළඟ කොලුවෝ   , වැඩි එලි ...

රස්තියාදුකාර දේශාටනය -- අල්තායි කඳු හරහා ...

රස්තියාදුකාර දේශාටනය  -- අල්තායි කඳු හරහා ... ---හැඳින්වීම ------ජන ජීවිතය ---------දඩයක්කරුවන් හමුවීම ------------රන් කඳුවැටියේ විල් මැද --------------සායන් කඳු හරහා ------------------වල් නරි දඩයම  පොඩ්ඩක් ප්‍රමාද වුනාද මන්ද  :)  ඉතින් මම කල්පනා කළා අල්තායි කඳුවැටි පැත්තට පය තබන්න. ජිවිතේ දිහා ආපහු හැරී නොබලන මිනිසුන් කොට්ඨාශයක් හමුවෙන්න. අහස් ගව්ව ඇල්ලීම අල්තායි කියන්නෙ මැදි නැගෙනහිර ආසියාවේ සිට විහිදෙන කඳුවැටියක්. මේ  කඳුවැටිය රුසියාව චීනය මොන්ගෝලියාව සහ කසාක්ස්ථානය හරහා ගමන් කරනව.අමාරුවෙන් අහස් ගව්ව සිපගන්න වගේ මීටර් හාරදාහක් විතර උසට මේ කඳුවැටිය තමන්ගෙ  උන්නතාංශය සලකුණු කරනව. හරියට මිනිස්සු ඉවක් බවක් නැතිව ජිවත් වෙනව වගේ අල්තායි හරහා සීතල සුළං රැල්ලක්  හමාගෙන යනව.කුරු ගස් වැල් , වේදනාවෙන් වගේ ඇඹරෙන්න ගන්නව. ඒ අස්සෙ ජිවිතේ විඳින්න උත්සාහා කරන මස්ක්  මුවෝ රංචුවක් හිතේ හැටියට එහෙ මෙහෙ ඇවිදිනව.එයාලගෙ අං වල තැවරිච්ච පිනිබිංදු ජිවිතේ ලබන්න වගේ වේගෙන් තණබිම උඩට වැටෙනව. මෙහෙ ජිවිතේ ගෙවෙන්නෙ ගෙවෙන්න පුළුවන්...

පුංචි දඩයක්කාරිය ඇශෝල්පන්

තෙරක් නොපෙනන තුන්ද්‍රාව සීතලෙන් රතුපාට වුනු කම්මුල් , නරි සමෙන් මසපු තොප්පිය, දකුණතේ පැලපදියම් වී ඉන්න දඩයම් උකුස්සා ඇශෝල්පන් ට එක්කළේ අපූරු චමත්කාරයක්. ඇය තමයි දැනට ලොව වාසය කරන එකම උකුසු දඩයක්කාරිය.  යන්තම් අවුරුදු දාහතරක් වයස ඇය, ඇගේ සමවයසේ පිරිමි ළමයින් හට ලජ්ජා හිතෙන තරමේ දක්ෂතා වලින් පිරුණු තැනැත්තියක්. තම උකුස්සාත් රැගෙන ඈත තුන්ද්‍රා වල කරක්ගසන්නට පුරුදු වී සිටින ඇය, හවසට ගෙදර එන්නේ වැලි මීයෙක් එහෙමත් නැත්නම් පුංචි ක්ෂීරපායී සතෙක් පැත්තෙන් එල්ලාගෙන. අවුරුදු දාහතරක පුංචි දැරිවියකගේ ජීවිතය මේ අකාරයෙන් ගෙවීම ගැන රස්තියාදුකාරයාගේ මනසට ඇති කලේ අමුතු හැඟීමක්. නමුත් ඇශෝල්පන් නම් ඉන්නේ ඇගේ ජීවිතය ගැන උපරිම තෘප්තියකින්. "මං ආසයි අස්සයගේ පිටේ යනගමන් මගේ උකුස්සාට මගේ පියා කියාදුන්නු කතා කියාදෙන්න, මට හිතෙනව උට ඒව තේරෙනවා ඇති කියල. මම මගෙ තාත්ත ට ඇරුනම වැඩිපුරම ආදරේ මගෙ අම්මටයි ආච්චිටයි මගෙ මේ උකුසු පැටියටයි. " පුංචි ඇශෝල්පන් පුංචි ඇශෝල්පන් නිහඬ තෙරක් නොපෙනෙන තුන්ද්‍රවට පෙම් කරන්න අරං දැනට යන්තම් අවුරුද්දක්. උදෑසන  තුන්ද්‍රවේ සීතලෙන් මිරිකුණු කූඩාරමක ගුලිවෙලා නිදන් සි...