තෙරක් නොපෙනන තුන්ද්රාව සීතලෙන් රතුපාට වුනු කම්මුල් , නරි සමෙන් මසපු තොප්පිය, දකුණතේ පැලපදියම් වී ඉන්න දඩයම් උකුස්සා ඇශෝල්පන් ට එක්කළේ අපූරු චමත්කාරයක්. ඇය තමයි දැනට ලොව වාසය කරන එකම උකුසු දඩයක්කාරිය. යන්තම් අවුරුදු දාහතරක් වයස ඇය, ඇගේ සමවයසේ පිරිමි ළමයින් හට ලජ්ජා හිතෙන තරමේ දක්ෂතා වලින් පිරුණු තැනැත්තියක්. තම උකුස්සාත් රැගෙන ඈත තුන්ද්‍රා වල කරක්ගසන්නට පුරුදු වී සිටින ඇය, හවසට ගෙදර එන්නේ වැලි මීයෙක් එහෙමත් නැත්නම් පුංචි ක්ෂීරපායී සතෙක් පැත්තෙන් එල්ලාගෙන. අවුරුදු දාහතරක පුංචි දැරිවියකගේ ජීවිතය මේ අකාරයෙන් ගෙවීම ගැන රස්තියාදුකාරයාගේ මනසට ඇති කලේ අමුතු හැඟීමක්. නමුත් ඇශෝල්පන් නම් ඉන්නේ ඇගේ ජීවිතය ගැන උපරිම තෘප්තියකින්. "මං ආසයි අස්සයගේ පිටේ යනගමන් මගේ උකුස්සාට මගේ පියා කියාදුන්නු කතා කියාදෙන්න, මට හිතෙනව උට ඒව තේරෙනවා ඇති කියල. මම මගෙ තාත්ත ට ඇරුනම වැඩිපුරම ආදරේ මගෙ අම්මටයි ආච්චිටයි මගෙ මේ උකුසු පැටියටයි. " පුංචි ඇශෝල්පන් පුංචි ඇශෝල්පන් නිහඬ තෙරක් නොපෙනෙන තුන්ද්‍රවට පෙම් කරන්න අරං දැනට යන්තම් අවුරුද්දක්. උදෑසන තුන්ද්‍රවේ සීතලෙන් මිරිකුණු කූඩාරමක ගුලිවෙලා නිදන් සි...
එහෙනං ආයෙ පට්ටාං ගම්මු ලියන්න.
ReplyDeleteමෙහෙම සටහනක් හරි තියපු එක කොච්චර දෙයක් ද? එතකොට අපි දන්නව නෙ මේකා බ්ලොග් එක්ක තවම ඉන්නව කියල. අර රසවත් ලිපි ආයෙත් ඈතින් පේනව වගෙ. ඉතින් ඔය විවේක කාලෙ තව මොනව හරි ලියන්න.
ReplyDeleteහරි එහෙනම් පට්ටාං ගනිමු. උඹ ආපහු දකින්න ලැබීමත් සතුටක්.
Deleteඇති යාන්තන්....
ReplyDeleteඉස්සර වගෙම අයෙත් ලියපන්...
Boruda?
Deleteela
ReplyDeleteලියපපාපාන්.එහෙනම් ...:)
ReplyDeleteඑහෙනම් අලුත් ෆොටෝ ටිකක් බලමු...
ReplyDeleteනොදකිං තෝ
ReplyDeleteඅපරාදෙ මං දුහගන ආවේ
ලියපියකො