Tuesday, June 25, 2013

මගේ ඩොලර් 10 යේ මොටෙල් කැලිෆෝර්නියා කාමරය




හවස 5:30 ට මොන්ගෝලියාවේ බලගන් නුවර පුංචි අවන්හලක් තුල සිට ලියමි ...
මගේ කාමරය 


“Hotel” , “Motel”  ගොඩක් අයට ප්‍රශ්නයක්‌ තියෙන වචන දෙකක්. ඇත්තටම හෝටලයක් කියන්නේ නවාතැන් පහසුකම් ගොඩක් සපයල තියෙන තැනක් , එත් මොටෙලයක් කියන්නෙ තනි කාමරයකට ; ගොඩක් වෙලාවට ඇටෑච් බාත්රූම් එකකුත් තියෙනව.
හොටෙල් කරිෆොර්නියා කියන්නේ ඇමරිකාවේ සුපිරි හෝටලයක්. එත් මගේ පුංචි කාමරය තියෙන මොටෙල් කැලිෆෝර්නියා තියෙන්නේ හංගේරියාවේ බුඩාපෙස්ට් කියන නගරෙ පුංචි වීදියක. මොටෙල් කැලිෆෝර්නියා කියන්නේ ඇත්තටම පරණ තාලේ ගෙයක්. කාමර 5යි , කාමර වලටම සම්බන්ධ කරපු නාන කාමර 5යි , පොදු සාලයක් වගේම පොදු කුස්සියක් තියෙන තැනක්. කුලිය මාසෙකට ඩොලර් 10යි.(රුපියල්1000යි !!)
එහෙ මගෙත් එක්ක මරු කට්ටියක් ජිවත් වුනා.පැපුවා නිව්ගිනියා වල තතී, ජර්මනියේ එබර්හාඩ් කෙක් යුවල , ඔස්ට්‍රියාවේ ගලියනා තබනෙවා එක්ක රුසියාවෙ ජුලියා අනන්ජිවා.
තතී ඇත්තටම පිස්සෙක් , මිනිහගෙ  මරු නැටිලි ටිකක් තියෙනවා. වැඩකරන්නේ නගර සභාවේ. ගලියාන ටිකක් සෙක්සි කෙනෙක්. හැබැයි එයට ඉතින් කොල්ලෙක් එහෙම කාරිය ඉන්නව. වැඩකරන්නේ එරික්සන් ටෙලි කොමියුනිකේශන් කියන සමාගමේ. එබර්හාඩ් කෙක් කියන්නෙ ජර්මානු ගිනි නිවන හමුදාවේ හිටපු ප්‍රධානිය. එයා නෝනත් එක්ක දැන් අවුරුදු දෙකක ඉඳන් “කැලිෆෝර්නියා මොටෙලයෙ” ජිවත් වෙනව.  ජුලියා අනන්ජිවා , නවාතැනේ බාලම කෙනා . එයා ලස්සන කෙල්ලෙක්. වැඩකරන්නෙ පොත් කඩේක.
උදේට සාමාන්‍යයෙන් නවාතැනේ ඉතුරු වෙන්නේ මමයි කෙක් යුවලයි විතරයි. අනිත් හැමෝම උදේ වෙලාවක හමු වෙන්නේ සෙනසුරාදා නැත්තන්  ඉරිද. නවාතැනේ මුල් කාලේදී මම ගියේ පොඩි දුරකට ඇවිදින්න විතරයි.  එත් ගියේ නවාතැනේ අයත් එක්ක. පස්සෙ මට හිතුන දුර ඇවිදින්න යන්න. ඉතින් මම ගොඩක් හිත් වේදනාවෙන්  වුනත් මගේ නවාතැනේ අයගෙන් සමුගත්ත.
කෙක් යුවල (වමේ ඉඳල දෙවෙනියට ) , අනිත් කට්ටිය එයාලගෙ ළමයි
මේක ගත්තේ අපි රුසියාවේ බයිකල් විලට ගිය ගමනෙදි  , වටේම තියෙන්නේ මිදුණු බයිකාල් විල (උෂ්ණත්වය ( -50 c) විතර) ස්තුතිය එබර්හාඩ් කෙක් ට Спасибо за Эберхард Кек)
මේ ගලියානා, කන්දක් නගින  ගමන් 
ජුලියා අනන්ජිවා , වමේ එයාගේ පෙම්වතා , දකුණේ පෙම්වතාගේ යාලුවෙක් 
මේ තති , කාඩ්බෝඩ් කුඩාරමක් ඇතුලෙ


අපේ නවාතැනේ කට්ටිය හම්බවෙන වෙලාව තමයි උයන වෙලාව. තතී උයන්න ගොඩක් දක්ෂ කෙනෙක්. කෙක් මැතිනියයි , තතී යි හැමවෙලාවේම උයන ඒවට වාද කරගන්නව. තතීට ඕනේ එක දෙයක්. මැතිනිට ඕනේ එක දෙයක්. එත් ඉතින් කොහොම හරි වගකියන්නේ අපි !!
තතී හදන්න දක්ෂම කෑම තමයි “කිවී චීස් කේක්” . ඒක නවසීලන්ත වට්ටෝරුවක්. ඇත්තටම පුදුම රහක් තියෙන්නෙ. ඉරිදට අපේ හවස තේ එකත් එක්ක කිවී චීස් කේක් අනිවාර්ය අංගයක්. නවාතැනේ තේ හදන්නේ මම. එයාලගේ ප්‍රියතම බීමක් තමයි අපේ රටේ තේ . කෙක් මහත්තය කියන විදිහට “ශීතල දේශගුනෙත් එක්ක හැප්පෙන්න පුළුවන්  හොඳම ආයුධේ  ලංකාවේ තේ”. එත් ගලියානට නම් එක විහිළුවක්. එයට තියෙන හොඳම ආයුධේ සිගරට් එක !. ඇත්තටම මට වෙලාවකට හිතෙනව “මේ ගෑණු  කොහොම ජිවත්  වෙනවද කියල.”! ඔන්න කොල්ලෙක් සිගරට් එකක් ඉරුවට කමක් නෑ කියමුකො, එත් සුකොමාල කෙල්ලෙක් පැත්තකට වෙලා සිගරට්  උරනකොට නිකන් පොලව පලාගෙන යන්න වගේ හැඟීමක් එනව.
මම නවාතැන්  ගත්ත තැන “කෙල්ලො” කිපදෙනාගෙන් වැඩියම කැමති ජූලියට. මොකද එයත් ගොඩක් නිදහසට කැමති කෙනෙක්. ඇත්තටම මම මුල් කාලෙ “බැල්මක්” දාන්න උත්සාහ කාලේ නැත්තෙ මත් නෑ. එත් දවසක් කෙක් මහත්මිය කියපු විදිහට “අපි වලක් කපන්න හැදුවොත් එතන ගෙම්බෙක් ඉන්නව”.
තතී ගේ නැටුම් වලින් අපි වැඩිපුරම කැමති මිනිහගේ “හකා” නැටුමට. උයන වෙලාවට එකපාරටම මැතිනිය ඉස්සරහට වෙලා “බුලත” කියන නැටුම නටන එක එයාගේ පුරුද්දක්. තතී කියපු විදිහට නිව්ගිනියානු සම්ප්‍රදායෙ මුලික අරමුණ තමන්ගේ දේහ ශක්තිය පෙන්විම. එක තමයි පසුකාලීනව නැටුමක් විදිහට විකසනය වෙලා තියෙන්නෙ.
දැන් නවාතැනේ ඉතුරු තුන්දෙනයි . තතී එයාගේ ගමට ටික කාලෙකට ගිහින් , ජුලිය එයාගේ පෙම්වතාත් එක්ක විවාහ වුනා L , ඇය මට විවාහෙට ආරාධනා කළා, කොච්චර බැරි වුනත් මම ගියා.
තතී සමුගන්න වෙලාවේ මට දුන්න එයාගේ ඔරලෝසුව. මම එයාට පාදුක්ක පුස්ඇල්ලාව වත්තෙ තේ අලවිහලෙන් ගත්තු 2kg තේ පැකට් දෙකක් දුන්න.
කෙක් යුවල , ගලියාන තබනෙවා එක්ක දැන් කුස්සියෙ තනිවෙලා ඇති , තතී නැතුව කෙක් මහත්මියට පාලු ඇති.
ජුලියත් සතුටින් ඇති .
මට මේ වුන දේවල් වලින් වෙන්වීමේ දුක ගැන හොඳ අවබෝධයක් ආව.මොකද  ඒක අපිට ගොඩක් වෙලාවට ප්‍රයෝගිකව දැනෙන්න ඕනෙ දුකක් කියන එක තේරෙන්න.
පසු සටහන : මට නියම සින්හල යුනිකෝඩ් ඇප් එකක් දුන්නු ,ඒකෙ නිර්මාතෘ වත්මල් සහෝදරයට වගේම සිංග්ලිෂ් වලට අදාළ සුපිරිගනයේ කීබෝර්ඩ් ලේඅවුට් එක නිර්මාණය කල යු.සී.එස්.සී භාෂා අධ්‍යන අංශයට මගේ ස්තුතිය. 

චායාරුප ගූගල් වෙතිනි...

Sunday, June 23, 2013

හන්ගේරියාවෙන් සයිබීරියාවට

පාවෙක් හි නෝමැඩ් දරුවෙක් (ස්තුතිය ජුලියා අනන්ජිවා ට Спасибо за Джулией ananjiwa )


ම්නිස්සුන්ගෙ ජිවිතේ කියන්නෙ මහ පුදුම එකක්. මිනිස්සුන්ගෙ ජිවිතේ ගෙවෙන විදිහට, මිනිස්සු අතරෙ තියෙන වෙනස්කම් ගැන ටිකක් විමසිලිමත් වුනොත් ඇත්තටම කෙනෙක්ට පුදුමයක් දැනෙන එකත් පුදුමයක් නෙවෙයි. මම මෙහෙ බ්ලොග් ලියනව , තව සමහරු රස්සා කරනව , තවත් සමහරු නිදාගන්නව , තවත් අය ඔහේ බලගත්ත අත බලන් ඉන්නව. ඇත්තටම මිනිස් සමාජය හරිම පුදුමයි. මම දකින විදිහට අපේ සමජය ඇතුලෙ මෙ වගේ විවිදත්වයක් තියෙන්න ප්‍රධානම හේතුව තමයි එක තැනකට සංකේන්ද්‍රගත වුනු ජන සමජය. ඇත්තටම ඒකට ජන ඝණත්වයේ බලපෑමක් තියෙන්නත් පුලුවන්. මොකද , ශ්‍රී ලංකාව කියන්නෙ ව.කි.මී 1 කට 250 ක විතර ඉන්න රටක්. සරලව කිව්වොත් ලංකාවෙ මිලියන 20 ක් විතර මිනිස්සු ඉන්නව. ලංකාවෙ ඉන්න මිලියන 20 ම ( ආසන්නව ) ඕස්ට්‍රේලියාවෙ ඉන්නව. ඒත් ඕස්ට්‍රේලියාව ලංකාව වගේ විසිගුනයක් විතර විශලයි. ඒක නිසා ඇත්තටම ගත්තොත් ඒ රටේ තියෙන තියෙන විශාලත්වය නිස ජන ඝනත්වය අඩු වෙලා සමාජය පුංචි පුංචි ඒකක විදිහට පවතින්න ඕනි. අත්තටම මම මේ කියන දේ ඕස්ට්‍රේලියාවට ප්‍රායෝගික නැහැ. ඒකට හේතුව ඕස්ට්‍රේලියවෙ වෙරළබඩ තැන්නට වෙන්න ජනතාව සංකේන්ද්‍රගත වෙලා තිබීම. ඇත්තටම මෙච්චර දිගට මම කියන්න උත්සාහ කලේ රටක සංස්කෘතිය නත්නම් හැදියාව ජන ප්‍රමානය මත වෙනස් වීම ගන. ඒක මම ඉස්සරහට කියන්න යන කතාවට ගොඩක් වදගත් වෙනව.

ඇත්තටම මම ගැන කිව්වොත් මම අංක එකේ නාස්තිකාරයෙක්. රස්සාවෙන් හම්බුවෙන තුට්ටු දෙක මම වියදම් කරන්නෙ අවිදින්න යන්න. හැබැයි ඒ කොළඹ ඉදල යාපනේ යනව වගේ පුංචි ගමන් නම්
නෙවේ. මම මගෙ කකුල් දෙකේ පිහිටෙනුයි , මගෙ ජී.පී.ඒස් "පෙම්වතියගෙ" උදව්වෙනුයි දනට කිලෝ මීටර් 9800 ක් දුර ගිහින් තියෙනව. මේ පෝස්ට් එක දාන වෙලාවෙදි මම ඉන්නෙ මොන්ගෝලියාවෙ බල්ගන් කියන නගරෙ. මගෙ අම්මයි තත්තයි මල්ලියි ඇත්තට දැන් මගෙ ගැන හොයනව අඩුයි, මොකද එයාලට දැන් මගෙ ගැනම හොයල එපා වෙලා!. මට ලෝකෙ වටේ අවිදින්න තියෙන පිස්සුව පොඩි කාලෙ ඉදලමතිබුන. ඒක ජාන වල යම් විදිහකට තියෙනව වෙන්නත් පුලුවන්. මොකඩ මගෙ අම්ම වගේම ආච්චිත් භූගෝල විදයා ගුරුවරියො.

අත්තටම මම කරන රස්සාවත් " ඔෆීස් " යන්න ඔනෙ නැති රස්සාවක්. මට රස්සවෙදි වුවමන කරන්නෙ 4.ජී එල් ටී ඊ සම්භන්ධයක් විතරයි. මම ගිය හම තැනම වගේම හොද බ්‍රෝඩ් බාන්ඩ් සම්බන්ධයක් හරි තිබුන. ඒත් මගෙ එක ගමනාන්තයක් වෙච්චි සයිබිරියාවෙ ගෝබි කන්තරයෙ මොන්ගොලියානු ගොත්‍රික ගම්මානයකදි නම් ලොකු ගටලුවක් ආව. සැටලයිට් ෆෝන් එකේ 20 කේ.බී.පී.එස් අප්ලෝඩ් ස්පීඩ් එකට පින්සිද්ද වෙන්න මට මගෙ මුලු මාසික පඩියම නැති වුනා. සති 3ක් හැලහොල්මනක් නැතිව ගෙදර මිනිස්සු කලබල වුනා. ත්‍යාගශීලී මොන්ගොලි ගොත්‍රිකයින්ට පින්සිද්ද වෙන්න මම සති 3ක් ම අස්ප කිරි බිබී අස්ප චීස් මිශ්‍ර කරපු කෑම කකා හිටිය...

අත්තටම හරිම ලස්සන ගමනක්. මගෙ බලපොරොත්තුව මම ගිය තැන් ගැන පුංචි කතාවක් කියන්න. පුංචි කිව්වට ටිකක් ඇදෙන කතාවක්.

මේ බ්ලොග් එක මොබයිල් අප්ලෝඩ් එකක්. මගෙ සමගමේ ගිවිසුම් නිසා මට එච්.ටී.ටී.පී ලයින් එකක් හරහා ජාලගත වෙන්න නම් අයිතියක් නැ. ඒ වගේම මගෙ ජන්ගම දුරකතනයෙ පහසුකම් ටියෙන්නෙ එක පෝස්ට් එකකට එක "ඉමේජ්" එකක් දාන්න විතරයි. ඒ ගැන මම සමාව ඉල්ලනව.
මේ වෙලවෙ මම ඉන්නෙ සීතල බල්ගන් නුවර කුඩාරමක් අතුලෙ. "බීප්" කිය කිය කොන්දුරන මගෙ ජී.පී.එස් සුරන්ගනාවිත් එක්ක මම තනි වෙලා.
සුබ පොසොන් මංගල්‍යයක් වේවා!