“පුෂ්කින්ගේ” අවන්හලේ රස අහාර , මොස්කව් රාත්‍රී
සිසිලස මේ හැම දෙයක්ම නිකන් හීනයක් වගේ. කාලෙකින් උදේ පාන්දර නැගිටලා පුරුදු නැති
මම පහුවදා නැගිටිනකොට වෙනද වගේම අට පහුවෙලා. එත් ඉතින් මගේ නවතැන බාර “බාබුෂ්කට”
(ආච්චි) පින්සිද්ද වෙන්න. යුරල් බලායන දුම්රිය උදේ නමයට මොස්කව් වලට එන නිසා මම
සැහෙන්න වාසනාවන්තයි.
උවමනා දේවල් කලින්ම ලෑස්ති කරපු නිසා වෙලාව ගැන
වැඩි ප්‍රශ්නයක් වුනේ නැහැ. “බබුෂ්ක” හදල දුන්නු කෑම ටික කාල ඇයට ස්තුති කරලා හැකි
ඉක්මනින් නවාතැනෙන් සමුගත්තේ ටැක්සියක් හොයාගන්න බලාපොරොත්තුවක් ඇතිව.
|
මොස්කව් නැවතුම |
කොහොම හරි වැඩි ගැටළුවක් නැතිවම ටැක්සියකටත්
ගොඩවුනා.ඇත්තටම රුසියානු ටැක්සි රියදුරන් ඉංගිරීසි දන්නවා අඩුයි. ටැක්සියකට
ගොඩවුණු ගමන් කටපාඩම් කරගෙන ඉන්න ටික අතාරිනවා. “Hawulo My name is Alek” ඩ්‍රයිවර්
මහත්තය හිනාවෙමින් එයාව හඳුන්වල දුන්න. වැඩිය හිතල මතල නොවුනත් මගේ කටින්
Yeshchyo? (වෙන මුකුත් නැද්ද?) කියල පිට වුනා. ඇත්තටම ඒ මොහොතේ මට හිතුනේ ඔහුගේ
රතුකට්ට පනීවි කියල. එත් මගේ වාසනාවට ඔහු නිවුණු පුද්ගලයෙක්. අයිමත් හිනහ වෙමින්
Ya zanaiyu kid (f**u kid !) කියල පවසන්න තරම් ඔහු නිහතමානී වුනා. “Give me please
one doller” ඒ ඔහු නිතරම කියන අනිත් වැකිය . .
ඇත්තටම මගේ වාචාල කම හින්ද ද මන්ද , ඔහු සැහෙන
දේවල් දුම්රිය නැවතුමට යන අතරෙ මගෙත් එක්ක කතා කළා. ඔහු විශේෂයෙන් සඳහන් කරපු
දෙයක් තාම මගේ මතකයේ තියෙනව. ඒ තමයි ලංකාවේ මිනිස්සුන්ගේ රංගන ශෛලිය ගැන . ඇලෙක් කියපු
විදිහට රුසියානුවෝ ලංකාවේ ලංකාවේ නළු නිළියන්ට කැමති ජාතියක්. ඇලෙක් මට කිව්වා
ලංකාවේ ප්‍රසිද්ද නළු නිලියෝ රඟපාන රුසියානු නාට්‍යක් ගැන , එත් මට අවාසනාවකට ඒ
ගැන ලොකු මතකයක් නම් නැහැ. ඒ වගේම ඇලෙක් ගේ කතා විලාශයේ හැටියට තාම රුසියානුවන්
පෞද්ගලිකව ඇමරිකානු විරෝධී පිරිසක්. ඒ නිසාම වෙන්න ඕනේ ඔවුන් තාම පුටින් මහත්තයට
ආදරේ කරන්න හේතුව. මම රුසියානු නවාතැනේ හිටපු දින කිහිපයේදීත් මට අසන්න අත්දැකීමක්
ලැබුන. දවසක් “බබුෂ්ක” මම හිටපු කාමරේට කලබලෙන් වගේ ඇවිත් මගේ අතින් ඇදගෙන ගියා
රුපවාහිනිය ලඟට. නවාතැනේ හැමෝම වටවෙලා
පුටින්ගෙ දේශනයක් නරඹනව. “මේ අපේ පාලකතුමා” , ඇය ගෟරවනීයව පුටින්ව මට
හඳුන්වල දුන්න.
නමයට විනාඩි දහයක් විතර තියල මොස්කව් දුම්රියපොළට
එනන පුළුවන් වුනේ ඇලෙක් ගේ දක්ෂතාවය නිසා වෙන්න ඕනේ , මොකද ඒ තරමට වාහන තදබදය. මට
එකපාරටම හිතාගන්න බැරිවුනත් ඇලෙක් ට මාව “අල්ලල” ගිහින්! ඔහු වාහනෙන් බැහැල ඇවිත්
අතට අත දීල මට සුබපැතුව. අන්තිමේදී
ජීවිතේට එකපාරක් හම්බවෙන මගේ මිත්‍රයාගෙන් මම සමුගත්තා.
සුන්දර “ට්‍රාන්සිබ්” දුම්රිය පැය භාගයක් නැත්නම්
පැයක් මොස්කව් වල නවත්තල තියෙනව. මොස්කව්
වලින් “ට්‍රාන්සිබ්” ඇයගේ ගමන ඇරඹුවහම නොනැවතී දවස් දෙකක් , කිලෝමීටර් 1420 ඈතින්
තියෙන යෙකටරින්බර්ග් වෙත යනව. යෙකටරින්බර්ග් දැනට මගේ ගමනාන්තය. එත් දුම්රියේ
ගමනාන්තය රුසියාවේ වලිද්වොස්ටක් නගරය. එතනට තවත් කිලෝමීටර් 8000 ක විතර දුරක්
තියෙනව. ඒක දවස් පහක ගමනක්.රුසියාවේ හැමදෙයක්ම වගේ කොච්චි ටිකට් එකත් සෑහෙන ලාබදායි
එකක්. කිලෝමීටර් 1420 සියලු පහසුකම් එක්ක ඩොලර් 280 ට.
“ට්‍රාන්සිබ්” කියන්නේ ට්‍රාන්ස් සයිබිරියන්
(අන්තර් සයිබිරියන්?) දුම්රියට රුසියානුවෝ භාවිත කරන සුරතල් නාමය. ඇයගේ සාමාන්‍ය
වේගය පැයට කිලෝමීටර් 60ක් විතර. එක දුම්රිය මැදිරියක කාමර 10 විතර තියෙන දෙපැත්තේ
නානකාමර දෙකකුත් තියෙන අමුතු විදිහෙ
දුම්රියක් “ට්‍රාන්සිබ්”. එක පුංචි කාමරයක හවුල් කාරයෝ හතර දෙනෙක් ඉන්නව.
බිත්තියටම අල්ලපු නවන්න පුළුවන් ඇඳන් 4ක් , තේ මේසයක් , වටපිට නරඹනන පුළුවන්
කවුළුවක් වගේම සීතලට පාවිච්චි කරන්න පුළුවන් පොඩි පහේ ගල් අඟුරු උඳුනක් , තේ හදන
බොයිලේරුවක් හැම කමරෙකම අනිවාර්ය අංගයක්.
|
ඇඳන් අකුලපු කාමරය |
|
පවුලිනා ආච්චි |
“ට්‍රාන්සිබ්” වල මගේ අනිත් හවුල් කාරයෝ වුනේ ; පෙව්ලිනා , ඇඩම් ජෝශප් සහ කැතරින්
එවන්ස් කියන තුන්දෙනා. පෙව්ලිනා විශ්‍රාම ගිය රාජ්‍ය සේවිකාවක් .ඇයට අවුරුද්දකට
සැරයක් ලැබෙන නොමිලයේ යා හැකි ගමන් වාරය නිසා, තමන්ගේ මුනුබුරු මිණිබිරියන් බලන්න උලාන්
උඩේ වෙත යන ගමන්. ඇඩම් ජෝශප් හමුදා නිලධාරියෙක්. ඔහුත් කොකේසස් කඳුවැටි ආසන්නයේ
තියෙන තමන්ගේ ගමට යන ගමන්. කැතරින් එවන්ස් ප්‍රංශ ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්.
ඇය වැඩිදුර අධ්‍යාපනයට කොරියාවට යන ගමන්.
|
ඇඩම් ජෝසප් |
ට්‍රාන්සිබ් ලතාවකට තමන්ගේ ගමන අරඹන කොට නාමය
හමාර පහු වෙලා ඇති. “ට්‍රාන්සිබ්” තුරුලේ ඉන්න හැමෝම අතරෙ මොහොතකින් හිතවත්කම්
සෑහෙන්න ඇතිවෙනවා. මහලු පවුලිනාට ලැබිල තිබුනේ ඉහල ඇඳක්. “පුතා මම පහල ඇඳ ගත්තට
කමක් නැද්ද?” මුලින්ම හඬ අවදි කලේ ඇය. “අ..හා කමක් නෑ ආච්චියෙ” මම මගේ ඇඳ ඇයට ප්‍රදානය
කළා.
|
කැතරින් එවන්ස් |
මුලින්ම මගෙත් එක්ක ටිකක් වෙලා කතාවට වැටුනේ ඇඩම්
මහත්මය. ඇඩම් රුසියානු පාබල හමුදා සෙබලෙක්. ඒ වගේම ඇඩම් තදබල දේශප්‍රේමියෙක්. “මේ
මගේ රට කොල්ලෝ. මම බයක් සැකක නැතිව රටේ කරක් ගහනවා” ඒ ඔහුගේ ගාම්භීර වචන. පවුලිනා
ආච්චි , කැතරිනා එක්ක බර කතාවක.
ට්‍රාන්සිබ් තෙරක් නොපෙනෙන තැනිතලාවක හැල්මේ
දුවනව. වටේටම සුන්දර ජනශුන්‍ය තැනිතලාවක්. ගමනේ මුල් ටික වැඩි හැලහොල්මනක් නැතිව
ගෙවුන. මම මගේ රැකියාවේ වැඩ වගේකට යොමු වුනා. ඇඩම් , පවුලිනා හොඳටම නිදි. කැතරින් පොතක් බලනව.
හවස හැමෝම තේ බොන වෙලාව . වෙනද වගේම කැමැත්තෙන්ම
තේ හැදුවේ මම. ඉඟුරු දමපු තේ කහට එකක රස පලවෙනි වතාවට දැනිච්චි කෙනෙක්ගේ හැඟීම්
කොහොම වෙන්න ඇතිද .. මම ගෙනාපු ඉඟුරු කෑලි කීපයෙන් 2ක් ඇඩම්ට වගේම පවුලිනාටත්
පුදන්න සිදුවුණා ඔවුන්ට වගා කරන්න තියෙන වුවමනාව මත.
ඇඩම්ගේ දරුමුනුපුරෝ වෙසෙන්නේ කොකේසස් කඳුවැටිය
අසල. හෙන්රි ජයසේන මහත්මයාගේ හුණුවටයේ කතාව (“ද කොකේසියන් චෝක් සර්කල්” ) කොකේසස්
කඳුකර ප්‍රදේශයේ සුප්‍රසිද්ද ජනශ්‍රැතියක්.
කැතරින් එවන්ස් ප්‍රංශයේ පිටිසර ගමක යුවතියක්.
කැතරින් මුලින් මගෙත් එක්ක වැඩි කතාබහක් නොතිබුනත් මගේ “රසවත්” තේ එකෙන් පස්සෙ
සැහෙන්න හිතවත් වුනා. ඇයගේ දෙමාපියන් මෙලොව හැරදා ගිහින්. ඉතින් ඇය ජිවත් වෙන්නේ
ඇයගේ ආච්චිත් එක්ක පුංචි ගෙයක. යන්තම් ඉතිරි වෙලා තිබුණු මුදලින් මොස්කව්
විශ්වවිද්‍යාලයට ඇවිදින්.කතාවෙන් පස්සෙ මුළු රාතී‍්‍ර කාලයම වෙන්වුණේ ඕමි ගහන්න. අදහස ගෙනාවේ පව්ලිනා ආච්චි. වට අටක් ඕමි ගහල අන්තිමේදී හැමෝම සෙල්ලම නතර කරන්න එකඟ වුනා. පව්ලිනාගෙ මාබල් ගලක් , ඇඩම්ගේ හම්පටියක් සහ කැතරින් ගේ ලේන්සුවක් මම දිනුව. ඒ වෙද්දී රෑ එකොළහ හමාරත් පහු වෙලා. ඉතින් වැඩිහිටි දෙන්න නිදියන්න ලෑස්ති වුනා. “ජේසු අපව රැකගනිත්වා” “ආමෙන්” ඒ පව්ලිනා ඇඩම් සහ කැතරින්.
සියලු සමයක් දෘෂ්ටික දේවතාවෝ අපව රැකගත් වා!!(මම ඉතින් ආමෙන් කියන්න යැ!) , පව්ලිනා , ඇඩම්ස් සහ කැතරිනා, ඔබට සුබ රාත්‍රියක්...
|
ට්‍රාන්සිබ් " මේක නම් "නෙට් " එකෙන් ගත්තේ |
|
"ට්‍රාන්සිබ්" |
|
යුරල් ආසන්නයේදී ... |
|
හිම වැටුණු පරිසරය , මගේ එච්.ඩි.ආර්. ලෙන්සයෙන් |
|
කට්ටිය පාටියක් දාන අතරෙ |
|
ව්‍යාපාරික පන්තිය සඳහා. |
|
කාමරය සහ කොරිඩෝව |
|
කොරිඩෝව... |
|
යුරල් කඳුවැටිය |
|
සම්ප්‍රදායික රුසියානු නිවසක් |
|
යෙකටරින්බර්ග් වෙතින් සමුගනිද්දී |
|
තෙරක් නොපෙනෙන දුම්රිය මග |
|
මේ හරියේදී ට්‍රාන්සිබ් විදුලියෙන් දුවන්නේ |
|
යන අතරමග |
චායාරුප ගුගල් වෙතිනි ...
0 විවේචන:
Post a Comment
කරුණාකර ගැටළුවක් මතුවුවහොත් මේ සමග ඇති මුලාශ්‍ර භාවිතා කරන්න...