Tuesday, July 2, 2013

සුන්දර සයිබිරීයාවට පිවිසීම



වාතැනේ මිතුරන්ගෙන් සමු අරගෙන මම සයිබීරියාවට එන්න හිතුව. “එත් සයිබිරීයාව කියන්නෙ ආධුනිකයන්ට නපුරක් වෙන්න හොඳටම ඉඩකඩ වැඩි තැනක් ” කියල කෙක් මහත්තය මගේ අදහසට නිතරම දුන්නු පිළිතුර නිසා මම මගේ ගමන සැලසුමක් ඇතිව ඉදිරියට ගෙනාව.
මම මගේ නවාතැනෙන් පිටත් වෙලා මුලින්ම ආවේ රුසියාවේ මොස්කව් නුවරට . ඇත්තටම පුදුම හිතෙන නගරයක්.මිට කිලින් හැබැහින් නොදැකපු රතු චතුරස්‍රය හරියටම දැකබලාගන්න එදා පුළුවන් වුනා. සමාජවාදයේ සිහිවටන , රුසියානු චින්තනය , සාහිත්‍යය ; මේ හැම දෙයකම හරිම අපුරු අර්ථයක් ගැබ් වෙලා තියෙනව.  මම පුද්ගලිකව නම් නාගරික පරිසරය ප්‍රතික්ෂේප කරන කෙනෙක්  වුනත් , ඇත්තටම මොස්කව් සුන්දර කිරිල්ලියක්.
සුන්දර මොස්කව්

 මගේ ගමනට වුවමනා කළමනා එකතු කරගන්න එක තමා මම මොස්කව් වලට එන්න ආසන්නම හේතුව. කෙළවරක් නැති විඩාව නිසා මොස්කව් වලට සැපත් වුනු දවසෙම ඇතිවෙන්න නිදාගත්ත.
පහුවදා , ඒ කියන්නේ 2011 අවුරුද්දෙ මාර්තු 8 වෙනිදා මම මගේ ගමනට වුවමනා කළමනා ටික එකතු කරගන්න සාප්පු සවාරියක් යන්න හිතුව. මම ගියේ කොර්කුනොව් කියන විදියේ පිහිටලා තියෙන ගමන් බඩු විකුණන කඩේකට.  මගේ වෙලාවට කඩේ අයිතිකාර වැලිද්මීර් මහත්තය ඉංග්‍රීසි දැනගෙන හිටිය. මගේ අවශ්‍යතාව කිව්වහම “සයිබීරියාව නපුරු පලාතක් කොලුවෝ” කියල කිව්වේ වැලිද්මීර් මහත්තයාගේ නෝන.
කොර්කුනොව් විදිය 

දිගු ගමනක් යනකොට කෑමටත් වැඩ වුවමනා කරන්නෙ සිතියමක් , එත් මේ කාලේ සිතියම් පාවිච්චියක් නැති නිසා මම ජි.පී.එස්. පාවිච්චි කරන්න හිතුව. ඒ වගේම චන්ද්‍රිකා දුරකතනයක් , නවන්න පුළුවන් සුර්ය පැනලයක් , එල්.ඊ.ඩි  විදුලි පන්දමක් , ලිතියම් අයන් බැටරි දෙකක් , අකුලන්න පුළුවන් “මයිනර්” කුඩාරමක් , සීතලට අඳින කබායක්  වැලිද්මීර් ගෙන් මිලදී ගත්ත. මගේ රැකියාවේ පහසුවට මිනි ලැප්ටොප් පරිගණක දෙකක් ලඟම තිබුණු “කොම්පියුටර් බඩු” කඩෙන් අරගත්ත. වැලිද්මීර් ගෙන් සමුඅරගෙන මම ඊළඟට අවේ කැමරා විකුණන කඩේකට. එතනින් සෝනි ඩි.700 වර්ගයේ ඩි.එස්.එල්.ආර් කැමරාවකුත්  අරගෙන මගේ මොස්කව් නවාතැනට පිටත් වුනා.
නවාතැනට අවයින් පස්සෙ කෝපි කොප්පෙකුත් එක්ක මම යන්න බලාපොරොත්තු වෙන මාර්ගය සැලසුම් කළා. ඇත්තටම මගේ එකම බලාපොරොත්තුව වුනේ සුපිරි අත්දැකීමක් ලබාගන්න එක. කෙක් මහත්තය මට කියපු විදිහට මම ට්‍රාන්ස් සයිබීරියන් දුම්රියෙන් යුරල් කඳුවැටිය බලා යන්න තීරණය කළා.මොස්කව් වල ඉඳන් යුරල් කඳුවැටියට කිලෝමීටර් 1420 ක විතර දුරක් තියෙනව. “ට්‍රාන්සිබ්” දුම්රියේ ගියොත් දවස් 2ක නේවාසික ගමනක්.
යුරල් කියන්නේ යුරෝපය ආසියාවෙන් වෙන්කරන සිමාව , ඒ වගේම සුන්දර සයිබීරියාවේ ඇරඹුම . මොස්කව් දුම්රිය ස්ථානෙන් ගමන් ඇරඹුවහම මගේ ගමනාන්තය වෙන්නෙ යුරල් ආශ්‍රිතව පිහිටලා තියෙන යෙකටරින්බර්ග් නගරය.
සුන්දර යුරල් 

  මේ හැමදේම සලසුම් කරල ඉවරවෙනකොට රාත්‍රී 8ත්  පහුවෙලා. ඉතින් මම තීරණය කළා මගේ රාත්‍රී අහාරයත් එක්ක මොස්කව් වල රාත්‍රීයෙ සිසිල් සුළගෙ සුන්දරත්වය විඳින්න.  ඉතින් මම හිතුව “පුෂ්කින්” ගේ අවන්හලට ගොඩවෙන්න. ඇත්තටම “පුෂ්කින්” ගේ අවන්හල පුදුම හිතෙන තැනක්. එතන තියෙන හැම දෙයක්ම පෞරාණික දේවල්.
 “පුෂ්කින්” ගේ අවන්හලට ගිය ගමන්ම මම කලේ ගෙදරට කතාකරපු එක. මොකද ඒ වෙනකොට ගෙදර කට්ටිය නින්දට යන වෙලාව.. මගේ වෙලාවට “පුෂ්කින්” ගේ අවන්හලේ බත් තිබුන. “කැලිෆෝර්නියා මොටෙලයේ” ඉන්නේ කාලේදී බත් ඇටයක් ඇහැට නොදැකපු මට එක දිව්‍ය භෝජනයක්. එත් ඉතින් මේ රුසියානුවන්ගේ බත් පිඟානක් කියන්නෙ තේ බොන කොප්පෙකට අල්ලන බත් ප්‍රමාණයේ බත් ස්වල්පයකට. අවසනාවක මහත ,මට ඔවුන්ගෙන් බත් පිඟන් තුනක් ම මිලදී ගන්න සිදුවුනා. එත් ඉතින්” පුෂ්කින්” ට දොස් කියන්න යැ!. එක ඔවුන්ගේ සිරිතනෙ.
කාල ඉවර වෙලා ගිමන් නිවාගෙන මම “පුෂ්කින්” ගේ අවන්හලට සමුදුන්න. තෙරක් නොපෙනෙන මොස්කව් විදියක් හරහා මම විදින්න පටන් ගත්ත.
පුෂ්කින් ගෙ අවන්හල 
පුෂ්කින් ගේ අවන්හලේ ශ්‍රී ලංකා තේ කෝප්පයක් 

මොස්කව් කියන්නෙ ඇත්තටම සුන්දර සහ අතිශය දියුණු නගරයක්. එත් මොස්කව් වල පෞරාණික පෙනුම තවමත් අගේට රැකිල තියෙනව. මොස්කව් ගෘහ නිර්මාණ ශිල්පයට මම දකින  විදිහට මුලිකවම “මෝගල්” අභාෂය  බලපාල තියෙනව. රුසියානු - මොන්ගෝලියානු ගෘහනිර්මාණ ශිල්පය අතර වෙනසක් දකින්න බැරිතරම් ඒ ශෛලීන් පෑහෙනව.
පාරට වැටුණු රතු චතුරශ්‍ර කැත්‍රඩිලයේ ආලෝකය ඇත්තටම ගොඩක් සුන්දර දර්ශනයක්. සිතල සුළඟට මුසුවෙච්ච සමාජවාදී හැඟීම් මට  නොදැනුනාට හැම රුසියානුවෙක්ටම දැනෙනවා ඇති. එත් මම ධනවාදය තරයේ ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙක් . ධනවාදයෙන් හිතන හැම පුද්ගලයෙක්ගෙම ඔලුවේ වැඩ කරන්නෙ “ප්රෝෆිට්” කියන සංකල්පය. එක ධනවාදීන්ගේ  මුළු ඇඟේ ම දුවන “විෂබීජයක්”. තමන්ගේ අම්ම තාත්තව විකුණන් කන සමාජයක් ධනවාදී රටවල ඇතිවෙන්න හේතුව ලේ , මස් , නහර වල දුවන “ප්රෝෆිට්” කියන සංකල්පය.
සුන්දර රතු චතුරශ්‍රය 

සුන්දර මොස්කව්


“කැලිෆොර්නියානු මොටෙලයේ” මගේ මිතුරිය , ජුලිය කියපු විදිහට සමාජවාදය සුන්දර සංකල්පයක්. මුලින් සරල චින්තනයක් විදිහට ඉපදුනු සමාජවාදය අද වෙද්දී අතුපතර විහිදුවපු මහා වෘක්ෂයක්. එත් ඒ සොඳුරු වෘක්ෂලතාව  ධනවාදය  නමැති අදිසි හස්තයේ සදාකාලික ගොදුරක්.
ශාන්ත බැසිලිකානු කැත්‍රඩිලය ඇත්තටම සොඳුරු දර්ශනයක්. ඒ වගේම ක්‍රෙම්ලිනය (රුසියානු බුද්ධි අංශය) කෙනෙක්ගෙ හිතට අමුතුම හැඟීමක් ජනිත කරවනව. ඇත්තටම සමාජවාදය කියන ගුප්ත සංකල්පය මොස්කව් සීතල සුළගෙ දැවටිලා නිදහසේ පාවෙනවා වගේ හැඟීමක් , ඒ සුළග ඇඟේ දැවටෙනකොට දැනෙනව.

ඇත්තටම මොස්කව් කිරිල්ලිය ඔබ  විශිෂ්ටයි!!


චායාරුප ගුගල් වෙතිනි...

දේශාටන වාර්තාව ලිව්වේ : Erdenet, Mongolia

2 comments:

  1. නියමයි විදුර ,, මන් ෆෝන් එකෙන් කියෙවුවට කොමෙන්ට් කරන්න බැරි වුනා ,, දිගටම ලියන්න

    ReplyDelete
  2. හැලපයියාගෙ blog එක කියන ගමන් comment වල නම දැකලා ආවෙ. කියවපු post දෙකෙං තුනෙං පස්සෙ comment එකක් දාන්නම හිතුන.blog එක හොඳ රස පාටයි. ස්තූතියි... (අංජන ධර්මප්‍රිය )

    ReplyDelete

කරුණාකර ගැටළුවක් මතුවුවහොත් මේ සමග ඇති මුලාශ්‍ර භාවිතා කරන්න...