Skip to main content

Posts

Showing posts from July, 2013

“ට්‍රන්සිබ්” සහ නේවාසික පුරවැසියෝ.

“පු ෂ්කින්ගේ” අවන්හලේ රස අහාර , මොස්කව් රාත්‍රී සිසිලස මේ හැම දෙයක්ම නිකන් හීනයක් වගේ. කාලෙකින් උදේ පාන්දර නැගිටලා පුරුදු නැති මම පහුවදා නැගිටිනකොට වෙනද වගේම අට පහුවෙලා. එත් ඉතින් මගේ නවතැන බාර “බාබුෂ්කට” (ආච්චි) පින්සිද්ද වෙන්න. යුරල් බලායන දුම්රිය උදේ නමයට මොස්කව් වලට එන නිසා මම සැහෙන්න වාසනාවන්තයි. උවමනා දේවල් කලින්ම ලෑස්ති කරපු නිසා වෙලාව ගැන වැඩි ප්‍රශ්නයක් වුනේ නැහැ. “බබුෂ්ක” හදල දුන්නු කෑම ටික කාල ඇයට ස්තුති කරලා හැකි ඉක්මනින් නවාතැනෙන් සමුගත්තේ ටැක්සියක් හොයාගන්න බලාපොරොත්තුවක් ඇතිව. මොස්කව් නැවතුම  කොහොම හරි වැඩි ගැටළුවක් නැතිවම ටැක්සියකටත් ගොඩවුනා.ඇත්තටම රුසියානු ටැක්සි රියදුරන් ඉංගිරීසි දන්නවා අඩුයි. ටැක්සියකට ගොඩවුණු ගමන් කටපාඩම් කරගෙන ඉන්න ටික අතාරිනවා. “Hawulo My name is Alek” ඩ්‍රයිවර් මහත්තය හිනාවෙමින් එයාව හඳුන්වල දුන්න. වැඩිය හිතල මතල නොවුනත් මගේ කටින් Yeshchyo? (වෙන මුකුත් නැද්ද?) කියල පිට වුනා. ඇත්තටම ඒ මොහොතේ මට හිතුනේ ඔහුගේ රතුකට්ට පනීවි කියල. එත් මගේ වාසනාවට ඔහු නිවුණු පුද්ගලයෙක්. අයිමත් හිනහ වෙමින් Ya zanaiyu kid (f**u kid !) කියල පවසන්න තරම් ඔහු...

සුන්දර සයිබිරීයාවට පිවිසීම

න වාතැනේ මිතුරන්ගෙන් සමු අරගෙන මම සයිබීරියාවට එන්න හිතුව. “එත් සයිබිරීයාව කියන්නෙ ආධුනිකයන්ට නපුරක් වෙන්න හොඳටම ඉඩකඩ වැඩි තැනක් ” කියල කෙක් මහත්තය මගේ අදහසට නිතරම දුන්නු පිළිතුර නිසා මම මගේ ගමන සැලසුමක් ඇතිව ඉදිරියට ගෙනාව. මම මගේ නවාතැනෙන් පිටත් වෙලා මුලින්ම ආවේ රුසියාවේ මොස්කව් නුවරට . ඇත්තටම පුදුම හිතෙන නගරයක්.මිට කිලින් හැබැහින් නොදැකපු රතු චතුරස්‍රය හරියටම දැකබලාගන්න එදා පුළුවන් වුනා. සමාජවාදයේ සිහිවටන , රුසියානු චින්තනය , සාහිත්‍යය ; මේ හැම දෙයකම හරිම අපුරු අර්ථයක් ගැබ් වෙලා තියෙනව.  මම පුද්ගලිකව නම් නාගරික පරිසරය ප්‍රතික්ෂේප කරන කෙනෙක්  වුනත් , ඇත්තටම මොස්කව් සුන්දර කිරිල්ලියක්. සුන්දර මොස්කව්  මගේ ගමනට වුවමනා කළමනා එකතු කරගන්න එක තමා මම මොස්කව් වලට එන්න ආසන්නම හේතුව. කෙළවරක් නැති විඩාව නිසා මොස්කව් වලට සැපත් වුනු දවසෙම ඇතිවෙන්න නිදාගත්ත. පහුවදා , ඒ කියන්නේ 2011 අවුරුද්දෙ මාර්තු 8 වෙනිදා මම මගේ ගමනට වුවමනා කළමනා ටික එකතු කරගන්න සාප්පු සවාරියක් යන්න හිතුව. මම ගියේ කොර්කුනොව් කියන විදියේ පිහිටලා තියෙන ගමන් බඩු විකුණන කඩේකට.  මගේ වෙලාවට කඩේ අයිතික...