Skip to main content

මගේ ඩොලර් 10 යේ මොටෙල් කැලිෆෝර්නියා කාමරය




හවස 5:30 ට මොන්ගෝලියාවේ බලගන් නුවර පුංචි අවන්හලක් තුල සිට ලියමි ...
මගේ කාමරය 


“Hotel” , “Motel”  ගොඩක් අයට ප්‍රශ්නයක්‌ තියෙන වචන දෙකක්. ඇත්තටම හෝටලයක් කියන්නේ නවාතැන් පහසුකම් ගොඩක් සපයල තියෙන තැනක් , එත් මොටෙලයක් කියන්නෙ තනි කාමරයකට ; ගොඩක් වෙලාවට ඇටෑච් බාත්රූම් එකකුත් තියෙනව.
හොටෙල් කරිෆොර්නියා කියන්නේ ඇමරිකාවේ සුපිරි හෝටලයක්. එත් මගේ පුංචි කාමරය තියෙන මොටෙල් කැලිෆෝර්නියා තියෙන්නේ හංගේරියාවේ බුඩාපෙස්ට් කියන නගරෙ පුංචි වීදියක. මොටෙල් කැලිෆෝර්නියා කියන්නේ ඇත්තටම පරණ තාලේ ගෙයක්. කාමර 5යි , කාමර වලටම සම්බන්ධ කරපු නාන කාමර 5යි , පොදු සාලයක් වගේම පොදු කුස්සියක් තියෙන තැනක්. කුලිය මාසෙකට ඩොලර් 10යි.(රුපියල්1000යි !!)
එහෙ මගෙත් එක්ක මරු කට්ටියක් ජිවත් වුනා.පැපුවා නිව්ගිනියා වල තතී, ජර්මනියේ එබර්හාඩ් කෙක් යුවල , ඔස්ට්‍රියාවේ ගලියනා තබනෙවා එක්ක රුසියාවෙ ජුලියා අනන්ජිවා.
තතී ඇත්තටම පිස්සෙක් , මිනිහගෙ  මරු නැටිලි ටිකක් තියෙනවා. වැඩකරන්නේ නගර සභාවේ. ගලියාන ටිකක් සෙක්සි කෙනෙක්. හැබැයි එයට ඉතින් කොල්ලෙක් එහෙම කාරිය ඉන්නව. වැඩකරන්නේ එරික්සන් ටෙලි කොමියුනිකේශන් කියන සමාගමේ. එබර්හාඩ් කෙක් කියන්නෙ ජර්මානු ගිනි නිවන හමුදාවේ හිටපු ප්‍රධානිය. එයා නෝනත් එක්ක දැන් අවුරුදු දෙකක ඉඳන් “කැලිෆෝර්නියා මොටෙලයෙ” ජිවත් වෙනව.  ජුලියා අනන්ජිවා , නවාතැනේ බාලම කෙනා . එයා ලස්සන කෙල්ලෙක්. වැඩකරන්නෙ පොත් කඩේක.
උදේට සාමාන්‍යයෙන් නවාතැනේ ඉතුරු වෙන්නේ මමයි කෙක් යුවලයි විතරයි. අනිත් හැමෝම උදේ වෙලාවක හමු වෙන්නේ සෙනසුරාදා නැත්තන්  ඉරිද. නවාතැනේ මුල් කාලේදී මම ගියේ පොඩි දුරකට ඇවිදින්න විතරයි.  එත් ගියේ නවාතැනේ අයත් එක්ක. පස්සෙ මට හිතුන දුර ඇවිදින්න යන්න. ඉතින් මම ගොඩක් හිත් වේදනාවෙන්  වුනත් මගේ නවාතැනේ අයගෙන් සමුගත්ත.
කෙක් යුවල (වමේ ඉඳල දෙවෙනියට ) , අනිත් කට්ටිය එයාලගෙ ළමයි
මේක ගත්තේ අපි රුසියාවේ බයිකල් විලට ගිය ගමනෙදි  , වටේම තියෙන්නේ මිදුණු බයිකාල් විල (උෂ්ණත්වය ( -50 c) විතර) ස්තුතිය එබර්හාඩ් කෙක් ට Спасибо за Эберхард Кек)
මේ ගලියානා, කන්දක් නගින  ගමන් 
ජුලියා අනන්ජිවා , වමේ එයාගේ පෙම්වතා , දකුණේ පෙම්වතාගේ යාලුවෙක් 
මේ තති , කාඩ්බෝඩ් කුඩාරමක් ඇතුලෙ


අපේ නවාතැනේ කට්ටිය හම්බවෙන වෙලාව තමයි උයන වෙලාව. තතී උයන්න ගොඩක් දක්ෂ කෙනෙක්. කෙක් මැතිනියයි , තතී යි හැමවෙලාවේම උයන ඒවට වාද කරගන්නව. තතීට ඕනේ එක දෙයක්. මැතිනිට ඕනේ එක දෙයක්. එත් ඉතින් කොහොම හරි වගකියන්නේ අපි !!
තතී හදන්න දක්ෂම කෑම තමයි “කිවී චීස් කේක්” . ඒක නවසීලන්ත වට්ටෝරුවක්. ඇත්තටම පුදුම රහක් තියෙන්නෙ. ඉරිදට අපේ හවස තේ එකත් එක්ක කිවී චීස් කේක් අනිවාර්ය අංගයක්. නවාතැනේ තේ හදන්නේ මම. එයාලගේ ප්‍රියතම බීමක් තමයි අපේ රටේ තේ . කෙක් මහත්තය කියන විදිහට “ශීතල දේශගුනෙත් එක්ක හැප්පෙන්න පුළුවන්  හොඳම ආයුධේ  ලංකාවේ තේ”. එත් ගලියානට නම් එක විහිළුවක්. එයට තියෙන හොඳම ආයුධේ සිගරට් එක !. ඇත්තටම මට වෙලාවකට හිතෙනව “මේ ගෑණු  කොහොම ජිවත්  වෙනවද කියල.”! ඔන්න කොල්ලෙක් සිගරට් එකක් ඉරුවට කමක් නෑ කියමුකො, එත් සුකොමාල කෙල්ලෙක් පැත්තකට වෙලා සිගරට්  උරනකොට නිකන් පොලව පලාගෙන යන්න වගේ හැඟීමක් එනව.
මම නවාතැන්  ගත්ත තැන “කෙල්ලො” කිපදෙනාගෙන් වැඩියම කැමති ජූලියට. මොකද එයත් ගොඩක් නිදහසට කැමති කෙනෙක්. ඇත්තටම මම මුල් කාලෙ “බැල්මක්” දාන්න උත්සාහ කාලේ නැත්තෙ මත් නෑ. එත් දවසක් කෙක් මහත්මිය කියපු විදිහට “අපි වලක් කපන්න හැදුවොත් එතන ගෙම්බෙක් ඉන්නව”.
තතී ගේ නැටුම් වලින් අපි වැඩිපුරම කැමති මිනිහගේ “හකා” නැටුමට. උයන වෙලාවට එකපාරටම මැතිනිය ඉස්සරහට වෙලා “බුලත” කියන නැටුම නටන එක එයාගේ පුරුද්දක්. තතී කියපු විදිහට නිව්ගිනියානු සම්ප්‍රදායෙ මුලික අරමුණ තමන්ගේ දේහ ශක්තිය පෙන්විම. එක තමයි පසුකාලීනව නැටුමක් විදිහට විකසනය වෙලා තියෙන්නෙ.
දැන් නවාතැනේ ඉතුරු තුන්දෙනයි . තතී එයාගේ ගමට ටික කාලෙකට ගිහින් , ජුලිය එයාගේ පෙම්වතාත් එක්ක විවාහ වුනා L , ඇය මට විවාහෙට ආරාධනා කළා, කොච්චර බැරි වුනත් මම ගියා.
තතී සමුගන්න වෙලාවේ මට දුන්න එයාගේ ඔරලෝසුව. මම එයාට පාදුක්ක පුස්ඇල්ලාව වත්තෙ තේ අලවිහලෙන් ගත්තු 2kg තේ පැකට් දෙකක් දුන්න.
කෙක් යුවල , ගලියාන තබනෙවා එක්ක දැන් කුස්සියෙ තනිවෙලා ඇති , තතී නැතුව කෙක් මහත්මියට පාලු ඇති.
ජුලියත් සතුටින් ඇති .
මට මේ වුන දේවල් වලින් වෙන්වීමේ දුක ගැන හොඳ අවබෝධයක් ආව.මොකද  ඒක අපිට ගොඩක් වෙලාවට ප්‍රයෝගිකව දැනෙන්න ඕනෙ දුකක් කියන එක තේරෙන්න.
පසු සටහන : මට නියම සින්හල යුනිකෝඩ් ඇප් එකක් දුන්නු ,ඒකෙ නිර්මාතෘ වත්මල් සහෝදරයට වගේම සිංග්ලිෂ් වලට අදාළ සුපිරිගනයේ කීබෝර්ඩ් ලේඅවුට් එක නිර්මාණය කල යු.සී.එස්.සී භාෂා අධ්‍යන අංශයට මගේ ස්තුතිය. 

චායාරුප ගූගල් වෙතිනි...

Comments

Popular posts from this blog

තහනම් කලාපය සහ භූත නගරය 1 කොටස( Exclusion Zone and the Ghost town part 1) )

හි තවත් පාඨකයින්ට සමහරක් විට මතක ඇති රස්තියාදුකාරයා දීර්ඝව නෝමැඩ් වරුන් පිළිබඳව විස්තර කල විත්තිය.මේ ගැන ඔබට විස්තර කරන සිදුවුනේ රස්තියාදුකාරගේ ඉදිරි චාරිකාවේ දී රුසියානු කලාපය අවට වෙසෙන නෝමැඩ්වරුන් පිළිබඳව තරමක දැනීමක් අවශ්‍යව තිබුණු නිසාවෙන්. නැතිනම් “පාවෙක් නෝමැඩ්වරුන්” නැතිනම් “ටූබි නෝමැඩ්වරුන්” , “කසකස්ථාන නෝමැඩ්වරුන්” පිළිබඳව විස්තර කිරීමේදී ඔබ අපහසුවට පත්වෙයි.   කසකස්තාන තැනිතලා කාල්ස් පියතුමාගේ හුදෙකලා නිවස පිහිටියේ තෙරක් නොපෙනෙන කසකස්ථාන තැනිතලාවක මධ්‍යට යම් ආසන්න බවකින් යුතුව. කුඩා කාල්ස් නිවස දෙමහල් බොහොම පැරණි පෙනුමක් ආරූඪ කරගත් වලව්වක් වැනි නිර්මාණයක්.උඩුමහලේ නිදන කාමරත් පහත මහලේ සාලය හා කුස්සියත් සමඟ උස බිත්ති සහිත යාඥා කාමරයක් ඇතුලත් වුනු එය රස්තියාදුකාරයා දුටු චාම් බවෙන් “අන්තයටම” පැමිණුනු නිවෙසක්. රස්තියාදුකාරයා කාල්ස් නිවසට යන විට එම පලාතම තිබුනේ තද ශිතලක.බිහිසුණු උඩුබිරිලීමක් වැනි ස්වරයකින් හාත්පස කැරකෙන ශීත සුළඟ කාල්ස් නිවසේ පැරණි ජනේල මත හැපුනේ ඒවා දැඩි අපහසුවකට ලක් කරමින්. “ඔය යුරල් පැත්තෙ ඉඳන් හමන යක්ෂයාගේ සුළඟ කොලුවෝ   , වැඩි එලි ...

රස්තියාදුකාර දේශාටනය -- අල්තායි කඳු හරහා ...

රස්තියාදුකාර දේශාටනය  -- අල්තායි කඳු හරහා ... ---හැඳින්වීම ------ජන ජීවිතය ---------දඩයක්කරුවන් හමුවීම ------------රන් කඳුවැටියේ විල් මැද --------------සායන් කඳු හරහා ------------------වල් නරි දඩයම  පොඩ්ඩක් ප්‍රමාද වුනාද මන්ද  :)  ඉතින් මම කල්පනා කළා අල්තායි කඳුවැටි පැත්තට පය තබන්න. ජිවිතේ දිහා ආපහු හැරී නොබලන මිනිසුන් කොට්ඨාශයක් හමුවෙන්න. අහස් ගව්ව ඇල්ලීම අල්තායි කියන්නෙ මැදි නැගෙනහිර ආසියාවේ සිට විහිදෙන කඳුවැටියක්. මේ  කඳුවැටිය රුසියාව චීනය මොන්ගෝලියාව සහ කසාක්ස්ථානය හරහා ගමන් කරනව.අමාරුවෙන් අහස් ගව්ව සිපගන්න වගේ මීටර් හාරදාහක් විතර උසට මේ කඳුවැටිය තමන්ගෙ  උන්නතාංශය සලකුණු කරනව. හරියට මිනිස්සු ඉවක් බවක් නැතිව ජිවත් වෙනව වගේ අල්තායි හරහා සීතල සුළං රැල්ලක්  හමාගෙන යනව.කුරු ගස් වැල් , වේදනාවෙන් වගේ ඇඹරෙන්න ගන්නව. ඒ අස්සෙ ජිවිතේ විඳින්න උත්සාහා කරන මස්ක්  මුවෝ රංචුවක් හිතේ හැටියට එහෙ මෙහෙ ඇවිදිනව.එයාලගෙ අං වල තැවරිච්ච පිනිබිංදු ජිවිතේ ලබන්න වගේ වේගෙන් තණබිම උඩට වැටෙනව. මෙහෙ ජිවිතේ ගෙවෙන්නෙ ගෙවෙන්න පුළුවන්...

පුංචි දඩයක්කාරිය ඇශෝල්පන්

තෙරක් නොපෙනන තුන්ද්‍රාව සීතලෙන් රතුපාට වුනු කම්මුල් , නරි සමෙන් මසපු තොප්පිය, දකුණතේ පැලපදියම් වී ඉන්න දඩයම් උකුස්සා ඇශෝල්පන් ට එක්කළේ අපූරු චමත්කාරයක්. ඇය තමයි දැනට ලොව වාසය කරන එකම උකුසු දඩයක්කාරිය.  යන්තම් අවුරුදු දාහතරක් වයස ඇය, ඇගේ සමවයසේ පිරිමි ළමයින් හට ලජ්ජා හිතෙන තරමේ දක්ෂතා වලින් පිරුණු තැනැත්තියක්. තම උකුස්සාත් රැගෙන ඈත තුන්ද්‍රා වල කරක්ගසන්නට පුරුදු වී සිටින ඇය, හවසට ගෙදර එන්නේ වැලි මීයෙක් එහෙමත් නැත්නම් පුංචි ක්ෂීරපායී සතෙක් පැත්තෙන් එල්ලාගෙන. අවුරුදු දාහතරක පුංචි දැරිවියකගේ ජීවිතය මේ අකාරයෙන් ගෙවීම ගැන රස්තියාදුකාරයාගේ මනසට ඇති කලේ අමුතු හැඟීමක්. නමුත් ඇශෝල්පන් නම් ඉන්නේ ඇගේ ජීවිතය ගැන උපරිම තෘප්තියකින්. "මං ආසයි අස්සයගේ පිටේ යනගමන් මගේ උකුස්සාට මගේ පියා කියාදුන්නු කතා කියාදෙන්න, මට හිතෙනව උට ඒව තේරෙනවා ඇති කියල. මම මගෙ තාත්ත ට ඇරුනම වැඩිපුරම ආදරේ මගෙ අම්මටයි ආච්චිටයි මගෙ මේ උකුසු පැටියටයි. " පුංචි ඇශෝල්පන් පුංචි ඇශෝල්පන් නිහඬ තෙරක් නොපෙනෙන තුන්ද්‍රවට පෙම් කරන්න අරං දැනට යන්තම් අවුරුද්දක්. උදෑසන  තුන්ද්‍රවේ සීතලෙන් මිරිකුණු කූඩාරමක ගුලිවෙලා නිදන් සි...