හවස 5:30 ට මොන්ගෝලියාවේ බලගන් නුවර පුංචි අවන්හලක් තුල සිට ලියමි ... මගේ කාමරය “Hotel” , “Motel” ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙන වචන දෙකක්. ඇත්තටම හෝටලයක් කියන්නේ නවාතැන් පහසුකම් ගොඩක් සපයල තියෙන තැනක් , එත් මොටෙලයක් කියන්නෙ තනි කාමරයකට ; ගොඩක් වෙලාවට ඇටෑච් බාත්රූම් එකකුත් තියෙනව. හොටෙල් කරිෆොර්නියා කියන්නේ ඇමරිකාවේ සුපිරි හෝටලයක්. එත් මගේ පුංචි කාමරය තියෙන මොටෙල් කැලිෆෝර්නියා තියෙන්නේ හංගේරියාවේ බුඩාපෙස්ට් කියන නගරෙ පුංචි වීදියක. මොටෙල් කැලිෆෝර්නියා කියන්නේ ඇත්තටම පරණ තාලේ ගෙයක්. කාමර 5යි , කාමර වලටම සම්බන්ධ කරපු නාන කාමර 5යි , පොදු සාලයක් වගේම පොදු කුස්සියක් තියෙන තැනක්. කුලිය මාසෙකට ඩොලර් 10යි.(රුපියල්1000යි !!) එහෙ මගෙත් එක්ක මරු කට්ටියක් ජිවත් වුනා.පැපුවා නිව්ගිනියා වල තතී, ජර්මනියේ එබර්හාඩ් කෙක් යුවල , ඔස්ට්‍රියාවේ ගලියනා තබනෙවා එක්ක රුසියාවෙ ජුලියා අනන්ජිවා. තතී ඇත්තටම පිස්සෙක් , මිනිහගෙ මරු නැටිලි ටිකක් තියෙනවා. වැඩකරන්නේ නගර සභාවේ. ගලියාන ටිකක් සෙක්සි කෙනෙක්. හැබැයි එයට ඉතින් කොල්ලෙක් එහෙම කාරිය ඉන්නව. වැඩකරන්නේ එරික්සන් ටෙලි කොමියුනිකේශන් ...
මෙය තනිකරම හාන්සි පුටුවක් මතට වී ලියනු ලබන දේශාටන වාර්තාවකි. විදුර , උඹ තමයි නියම බැක්පැකර් ට්‍රැවලර් , අපි හැමෝම ආර්ම් චෙයාර් ට්‍රැවලර්ස් ල... - ඩුඩ් (2013.10.12)