එරල් හි නෝමැඩ්වරයෙක් අධික උෂ්ණ බවක් නොතිබුනත් , ලුණු මිශ්‍ර වියලි සුළඟ එරල් වෙත ගමන් කරන සංචාරකයෙක් ව පිපාසයෙන් පිඩාවට පත් කරන්න සමත් එකක්.කාල්ස් පියතුමාගේ මගපෙන්වීම අනුව රස්තියාදුකාරයා ඊසොප් මහත්මයාගේ මාළු කඩය සොයාගෙන ගම වටේ ඇවිද්ද.එරල් මුහුදේ නැගෙනහිරට වෙන්න පිහිටලා තිබුන මේ පුංචි ගමේ මසුන් වෙළඳාම් කරන කඩ තුන අතරින් කරවල වෙළඳාම් කරන එකම කඩය අයිති වුනේ ඊසොප්ට.ඊසොප් මුස්ලිම් - කසාක්ස්ථාන මිශ්‍ර ජාතිකයෙක්.නමුත් ඔහු ඇදහුවේ යුදෙව් ක්‍රිස්තියානි ආගම.කාල්ස් පියතුමා ගැන සඳහනෙන් පස්සෙ ඊසොප් කැමැත්තෙන්ම රස්තියාදුකාරයාට තමන්ගේ සුන්දර ඒ වුනත් කටුක එරල් ගම්මානය පෙන්වන්න ඉදිරිපත් වුනා. ඊසොප් ඊසොප් ගැන සඳහන් කලොත් ඔහු තමන්ගේ ගම ගැන බොහොම ආඩම්බර වෙන ටිකක් විතර පෞරාණික විදිහට වර්තමානය පිළිබඳව සිතන පුද්ගලයෙක්.ඒ වගේම ඔහු ධීවර කර්මාන්තය පිළිබඳව විශේෂඥයෙක්.ඊසොප් සඳහන් කළ ආකාරයට එරල් අවට ජනාවාස වීමේ ආරම්භය සටහන් වෙන්නේ ක්‍රි.පු 20 වෙනි සියවසේ සුමේරියානු සමයේ අවසානයත් සමග.ඉපැරණි මුලාශ්‍ර වල සඳහන් ආකාරයට ඒ සශ්‍රික එරල් පලාතට නෝමැඩ්වරුන්ගේ පැමිණීමත් සමඟ. නෝමැඩ් ක...
මෙය තනිකරම හාන්සි පුටුවක් මතට වී ලියනු ලබන දේශාටන වාර්තාවකි. විදුර , උඹ තමයි නියම බැක්පැකර් ට්‍රැවලර් , අපි හැමෝම ආර්ම් චෙයාර් ට්‍රැවලර්ස් ල... - ඩුඩ් (2013.10.12)