Skip to main content

Posts

Showing posts from 2013

තහනම් කලාපය සහ භූත නගරය 1 කොටස( Exclusion Zone and the Ghost town part 1) )

හි තවත් පාඨකයින්ට සමහරක් විට මතක ඇති රස්තියාදුකාරයා දීර්ඝව නෝමැඩ් වරුන් පිළිබඳව විස්තර කල විත්තිය.මේ ගැන ඔබට විස්තර කරන සිදුවුනේ රස්තියාදුකාරගේ ඉදිරි චාරිකාවේ දී රුසියානු කලාපය අවට වෙසෙන නෝමැඩ්වරුන් පිළිබඳව තරමක දැනීමක් අවශ්‍යව තිබුණු නිසාවෙන්. නැතිනම් “පාවෙක් නෝමැඩ්වරුන්” නැතිනම් “ටූබි නෝමැඩ්වරුන්” , “කසකස්ථාන නෝමැඩ්වරුන්” පිළිබඳව විස්තර කිරීමේදී ඔබ අපහසුවට පත්වෙයි.   කසකස්තාන තැනිතලා කාල්ස් පියතුමාගේ හුදෙකලා නිවස පිහිටියේ තෙරක් නොපෙනෙන කසකස්ථාන තැනිතලාවක මධ්‍යට යම් ආසන්න බවකින් යුතුව. කුඩා කාල්ස් නිවස දෙමහල් බොහොම පැරණි පෙනුමක් ආරූඪ කරගත් වලව්වක් වැනි නිර්මාණයක්.උඩුමහලේ නිදන කාමරත් පහත මහලේ සාලය හා කුස්සියත් සමඟ උස බිත්ති සහිත යාඥා කාමරයක් ඇතුලත් වුනු එය රස්තියාදුකාරයා දුටු චාම් බවෙන් “අන්තයටම” පැමිණුනු නිවෙසක්. රස්තියාදුකාරයා කාල්ස් නිවසට යන විට එම පලාතම තිබුනේ තද ශිතලක.බිහිසුණු උඩුබිරිලීමක් වැනි ස්වරයකින් හාත්පස කැරකෙන ශීත සුළඟ කාල්ස් නිවසේ පැරණි ජනේල මත හැපුනේ ඒවා දැඩි අපහසුවකට ලක් කරමින්. “ඔය යුරල් පැත්තෙ ඉඳන් හමන යක්ෂයාගේ සුළඟ කොලුවෝ   , වැඩි එලි ...

එරල් මුහුද හා නෝමැඩ්වරුන්

එරල් හි නෝමැඩ්වරයෙක් අධික උෂ්ණ බවක් නොතිබුනත් , ලුණු මිශ්‍ර වියලි සුළඟ එරල් වෙත ගමන් කරන සංචාරකයෙක් ව පිපාසයෙන් පිඩාවට පත් කරන්න සමත් එකක්.කාල්ස් පියතුමාගේ මගපෙන්වීම අනුව රස්තියාදුකාරයා ඊසොප් මහත්මයාගේ මාළු කඩය සොයාගෙන ගම වටේ ඇවිද්ද.එරල් මුහුදේ නැගෙනහිරට වෙන්න පිහිටලා තිබුන මේ පුංචි ගමේ මසුන් වෙළඳාම් කරන කඩ තුන අතරින් කරවල වෙළඳාම් කරන එකම කඩය අයිති වුනේ ඊසොප්ට.ඊසොප් මුස්ලිම් - කසාක්ස්ථාන මිශ්‍ර ජාතිකයෙක්.නමුත් ඔහු ඇදහුවේ යුදෙව් ක්‍රිස්තියානි ආගම.කාල්ස් පියතුමා ගැන සඳහනෙන් පස්සෙ ඊසොප් කැමැත්තෙන්ම රස්තියාදුකාරයාට තමන්ගේ සුන්දර ඒ වුනත් කටුක එරල් ගම්මානය පෙන්වන්න ඉදිරිපත් වුනා. ඊසොප් ඊසොප් ගැන සඳහන් කලොත් ඔහු තමන්ගේ ගම ගැන බොහොම ආඩම්බර වෙන ටිකක් විතර පෞරාණික විදිහට වර්තමානය පිළිබඳව සිතන පුද්ගලයෙක්.ඒ වගේම ඔහු ධීවර කර්මාන්තය පිළිබඳව විශේෂඥයෙක්.ඊසොප් සඳහන් කළ ආකාරයට එරල් අවට ජනාවාස වීමේ ආරම්භය සටහන් වෙන්නේ ක්‍රි.පු 20 වෙනි සියවසේ සුමේරියානු සමයේ අවසානයත් සමග.ඉපැරණි මුලාශ්‍ර වල සඳහන් ආකාරයට ඒ සශ්‍රික එරල් පලාතට නෝමැඩ්වරුන්ගේ පැමිණීමත් සමඟ. නෝමැඩ් ක...