මාර්කෝ පෝලෝ සහ අපූරු මොන්ගොල් සිරිත්
![]() |
වර්තමාන මොන්ගොල් ජීවිතය |
“පෙරදිග ලෝකයේ අරුම” දැඩි අතිශයෝක්ති ව්‍යවහාරයක් දක්නට ලැබෙන
කෘතියක්,බොහෝ සාහිත්‍ය විචාරකයින් රස්ට්ලෝ වෙතට , තම අසහනකාරී මුහුණ උල් කර දත්
පෙන්වා සිනාසීමටත් ඔහුගේ මෙම ලේඛන යවහාරය හේතුවන්නට ඇති.නමුත් රස්තියාදුකාරයා
සිතන ආකාරයට රස්ට්ලෝ ගෞරවය පුදකලයුතු ලේඛකයෙක්.පමණට වැඩි අතිශයෝක්තිය වටිනා කෘතියක
හැඩය “බොඳ කලත්” රස්ට්ලෝගේ “පෑන් හරඹය” මාර්කෝ ගේ දෙශාටනයට නව ජීවයක් ලබාදුන් බව
සහතිකයි.
මාර්කෝගේ කෘතිය පුරාවටම රස්ට්ලෝ විසින් අඩංගු කර
තිබුනේ ඔහුගේ චරිතාපදානයට සාපේක්ෂව ගමන්ගත් ඔහුගේ දේශාටනය.සැබවින්ම එය අපුරු
සංකල්පයක්!
මාර්කෝ තමන්ගේ ජිවිත කාලයෙන් අඩක්ම ගතකලේ “මුහුණ
රවුම්” මොන්ගොල්වරුන් සමඟ.මානව විද්‍යාවේ දැක්වෙන ආකාරයට මොන්ගොල්වරුන් මොන්ගොලයිඩ්
මානව විශේෂයේ ප්‍රධානම පුරුක ලෙසත් හඳුන්වන්න පුළුවන්. “රවුම් මුහුණු , කුඩා ඇස් , මිටි සිරුරු ඔවුන් බැලුබැල්මට වෙන්කර ගැනීමට
භාවිතා කරන නිර්ණායක කිහිපයක්.
![]() |
රවුම් මුහුණු , කුඩා ඇස් |
මොන්ගෝල්වරුන්ගේ ව්‍යාප්තිය සැලකුවොත් ප්‍රධාන
වශයෙන් ඔවුන් මධ්‍යම ආසියාවේත් , සුළුතරයක් ඇමරිකානු යුරේසියානු කලාප වලත් ජිවත්
වෙනව. ආසියානු කලාපයේ මොන්ගොල්වරුන්ගේ විසිරීම සැලකුවොත් බහුතරයක් (90% පමණ)
මොන්ගෝලියාව හා මොන්ගෝලියානු රුසියානු දේශසීමා හරහා දිවෙන බ්රයිරේශියා කලාපය (මෙය
ආසන්න ලෙස බයිකල් විල හා කම්චැට්කාවේ සිට හොකයිඩෝ දුපත් වෙත දිවෙන කලාපයයි) හරහා
පැතිරී සිටිනව.ඉතිහාසඥන්ගේ නිරීක්ෂණ අනුව මොන්ගොල් වරුන් කම්චැට්කා අර්ධද්වීපය
හරහා කැනඩාවේ ඇලස්කාවේ ඇන්කරේජ් ප්‍රදේශය වෙත සංක්‍රමණය වී පසුව ඇමරිකාව වෙත විසිරි ගොස්
ඇති බවක් පැවසෙනවා.
මොන්ගොල්වරුන් ගෙන් බහුතරයක් බෞද්ධාගමිකයන්. අනෙක් බහුතරය සශේමාන් නම් (බෞද්ධාගමට සමාන) ආගමක් හා ඉතාම සුළු පිරිසක් ඕතඩොක්ස් නිකායික ක්‍රිස්තියානි ආගම ඇදහීමක් දකින්න පුළුවන්.සාමාන්‍යයෙන් සම්මත පිළිගැනීම අනුව මධ්‍යම මොන්ගොල් වෙරුන් (මොන්ගෝලියාව නිජබිම කරගත්) දැඩි සටන්කාමි ජාතියක් ලෙසටත් බ්රයිරේශියානු මොන්ගොල් වරුන් සාමකාමී ජාතියක් ලෙසත් ප්‍රසිද්ධියට පත්වී තිබෙනව.
මොන්ගොල්වරුන් ගෙන් බහුතරයක් බෞද්ධාගමිකයන්. අනෙක් බහුතරය සශේමාන් නම් (බෞද්ධාගමට සමාන) ආගමක් හා ඉතාම සුළු පිරිසක් ඕතඩොක්ස් නිකායික ක්‍රිස්තියානි ආගම ඇදහීමක් දකින්න පුළුවන්.සාමාන්‍යයෙන් සම්මත පිළිගැනීම අනුව මධ්‍යම මොන්ගොල් වෙරුන් (මොන්ගෝලියාව නිජබිම කරගත්) දැඩි සටන්කාමි ජාතියක් ලෙසටත් බ්රයිරේශියානු මොන්ගොල් වරුන් සාමකාමී ජාතියක් ලෙසත් ප්‍රසිද්ධියට පත්වී තිබෙනව.
![]() |
සරල මොන්ගොල් ජිවිත |
මධ්‍යම මොන්ගොල්වරුන් පිළිබඳව සැලකුවොත් ඔවුන්ගේ
දැඩි පිළිවෙත් සහිත වුනු සටන්කාමි ක්රමයේ ස්වර්ණමය යුගය සටහන් වන්නේ ජෙන්ගිස්
ඛාන් ගේ පාලන සමය තුල. හිට්ලර්ට තිබුනාක් මෙන් දැඩි කුරිරු ප්‍රතිපත්ති නොතිබුනත්
ජේස්ගිස් ඛාන් පුරා අවුරුදු කිහිපයක් සුපිරි අධිරාජ්‍යයෙකු ලෙස සමස්ත උතුරු යුරේශියානු
කලාපයම තම පාලනයට නතුකරගනු ලැබුවා.නමුත් මාර්කෝතම දේශාටනය සිදු කලේ ඊට පෙර කුබිලායි
ඛාන් රජුගේ පාලන සාමය තුල.මෙහිදී රස්ට්ලෝගේ කෘතියේ මාර්කෝ පවසන ආකාරයට
මොන්ගෝලියානුවන් බොහොම සරල නමුත් විකාරරුපි සිරිත් විරිත් වල ගැලුන අමුතු ජීවින්
කොට්ටාශයක්.
සමස්ත කසාක්ස්ථාන මොන්ගෝලියානු මහා තැනිතලාව පුරාවටම විසිරි සිටින
මොන්ගොල්වරුන් අශ්වයා තම යැපීමේ සංස්කෘතිය කරගත් මිනිසුන් විශේෂයක් .ඔවුන්ගේ ආහාර
පුරුදු , රටා , ගමනාගමනය , මේ සෑම දෙයක්ම රඳා පවතී ඇත්තේ එම කකුල් සතරේ සොඳුරු
සත්වයා මත.අශ්වයින්ගේ කිරි , ලොම් , මේදය , මස් ; මේ හැම දෙයක්ම මොන්ගෝලියානුවන්
ඇතුළු සමස්ත මොන්ගොල්වරුන්ට ස්වභාවධර්මයෙන් ලැබුණු වටිනා ත්‍යාගයක්.
![]() |
වල් අශ්වයින් |
සාමාන්‍යයෙන් මොන්ගොල්වරුන්ගේ ව්‍යාප්තිය මහා
ස්ටෙප්ස් තෘණ භුමි ආශ්‍රිතව වාර්තා වුවත් ඔවුන්ගේ සැලකියයුතු (නමුත් ඉතා කුඩා)
ජනගහනයක් රුසියාවේ ගෝබි කතරේදීත් දැකිය හැකියි.ගොබි කතර ගැන පුංචි සඳහනක් කලොත් ,
රස්තියාදුකාරයාට දැනෙන ආකාරයට එය පාඨකයන්ට සුළුවෙන් හෝ වැදගත් වේවි.
ගෝබි කතර රුසියානු මොන්ගෝලියානු දේශසීමා අතර
පිහිටි සුවිසල් නිසරු බිමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.කර්කටක නිවර්තනයටත් (උතුරු
අක්ෂාංශ අංශක 23 හමාර ) ඉහල අක්ෂාංශයක
පිහිටි නිසා එය ලොව තිබෙන සුපිරිතම ශීත කාන්තාරය ලෙසත් පිළිගැනීමක් තිබෙනව.ගෝබි
කතර විශාලත්වයෙන් හැම අතින්ම දකුණු බොට්ස්වානා හි කලහාරි කතරට යම් සමාන බවක්
දක්වනව.
රස්තියාදුකාරයා
පාඨකයින්ට පුංචි ප්‍රශ්නයක් යොමුකරන්නම්,
වඩා
භයානක උෂ්ණ කලාපිය කාන්තාරද? නැතිනම් ශීත කලාපිය කාන්තාර ද?
මේ ප්‍රශ්නෙට පිළිතුරු සිතීමේදී ඔබ බොහෝවිට පිළිතුරු දෙකක් අතර සිරවෙයි.නැතිනම් කාන්තාර කියන ජාතිය කොහොමත් භයානකයිනෙ” කියා සිතයි.
නමුත් සංසන්දනයේදී වඩාත් කටුක වශයෙන් පිළිගන්නේ
ශීත කලාපිය කාන්තාරයන්.
සිතන්න , ඔබ සීත කලාපිය කතරක තනි වුනා කියාත් ,
රස්තියාදුකාරයා උෂ්ණ කලාපිය කතරක තනිවුනා කියාත්. නැතිනම් සරලව ඔබ ගෝබියේ බවත්
රස්තියාදුකාරයා සහරාවෙහි තනිවුනා කියාත් මොහොතකට සිතන්න. දැන් අපි පුංචි සංසන්දනයක
යෙදෙමු.
රස්තියාදුකාරයාගේ මිලිලීටර් පන්සීයක බෝතලයේ වතුර
ටික අහවරයි.නමුත් ගෝබියේ තනිවුනු ඔබ ; ඒ හිම වැටෙන සීත කාලය නම් රස්තියාදුකාරයාට
වඩා වාසනාවන්ත වේවි.මොකද ඔබට පිපාසෙට සීතල හිම දියකර බොන්ට පුළුවන්.නමුත් අනිත්
හැම අතින්ම ඔබ අවාසනාවන්තයි පාඨකය.
ඔබට දරාගත හැකිද ඍන සෙල්සියස් අසුවක නැත්නම්
සියයක උෂ්ණත්වයක්?
ඔබ සීතල ජලය පානය කර වැඩිම වුනොත් කිලෝමීටර්
භාගයක් ඉදිරියට යයි.නමුත් ඔබ ඒ ක්ෂණයේම දෙපයින් ඇද වැටෙයි , ක්ෂණික මාංශ පේශි
ගල්වීම නිසා.එවිට ඔබ අදාළ පරිසරය පිළිබඳව හොඳ වැටහීමක් තිබෙන කෙනෙක් නම් ඔබ ඇඟලා
සිටින සීත කබාය ගලවා ඔබගේ කකුල් මත තදින් අතුල්වයි. එවිට ඝර්ෂණය නිසා මාංශ පේශි
රත්වීමෙන් ඔබ යථාතත්වයට පත්වේවි. නමුත් ඔබ ආධුනිකයෙක් නම් ?...
:)
පාඨකය මතක තබාගන්න , ඒ ඔබේ අවසානයයි.ඔබ ඉහත ක්‍රියාමාර්ගය
අනුගමනය නොකලා නම් ලේ ගමනාගමනය නැතිවීමෙන් ක්‍රමයෙන් කකුලේ පටක මියැදීමට පටන්
ගනීවි.ස්නායු මියයාමෙන් ඔබට ඔබේ කකුල පිළිබඳව ඇති දැනීම නැති වී යාවි...
...ඔව් , ඔබේ කකුල දැන් මියගොසින්.ඔබටත් ක්‍රමයෙන්
සිදු වන්නේ ඔබේ කකුලට සිදු වූ දෙයමයි.නමුත් මියයාමට පෙර ඔබට බඩගිනි නම් , බඩගින්නේ
මියයාමට අවශ්‍ය නැතිනම් ඔබට ඔබගේ කකුල ආහාරයට ගත හැකියි.ඒ වෙනුවෙන් ඔබට අවශ්‍ය
සවිමත් කියත් දැති තලයක් සහිත පෑන පිහියක් පමණයි.!
ඔව් පාඨකය ඔබට එය උත්සාහ කර බැලිය හැකියි.සෙන්නාගේ“දොරුව පරාදයි” මෙන් එය වේදනාකාරී දෙයක් නොවෙයි.එය ඔබට රුධිර වහනයෙන් තොර ක්ෂණික
ආහාරයක් වෙයි!
ඔබ සිතනවාද රස්තියාදුකාරයා ගල් බාගයක් ගසා මෙම
පොස්ටුව ලියන්න අවතීර්ණ වූවා කියා? , තමන්ගේම කකුල තමන්ම කන්න?!
![]() |
හිම මිදුණු පාවෙක් (ස්තුතිය එලේනා පොල්යන්ස්කායාට
Спасибо за Еленой Полянской)
|
නමුත් පාඨකය , එය බොහොම කෘර කටුක සත්‍යයක්.මේ බව
රස්තියාදුකාරයාට පැවසුවෙත් පාවෙක් නෝමැඩ්වරයෙක්.ඒ ඔහුගේ සොයුරා හිමේ අතරමං වු
සිද්ධියක් සිහිකරමින්.මේ පිළිබඳව ලිඛිත සාක්ෂියක් ඔබට ලබාගත හැකියි “සුදු මෝරා”
ලෙසින් සිංහලයට පරිවර්තනය කෙරුණු සුප්‍රකට කෘතිය කියවිමේදීත්.ඒ වගේම ඉන්දියාවේ
හිමාලය ආශ්‍රිතවත් මෙවැනි බියකරු සිදිවීම් සිදුවුන බව රස්තියාදුකාරයා අත්දුටු
දෙයක්.
අපගේ සංසන්දනයේදී ඔබ පළමුවෙන් මියයාවී.නමුත්
රස්තියාදුකාරයාත් දෙවනුව මියයාවී.
ඉතින් පාඨකයිනි වෙනස් කරන්න ඔබගේ ශබ්ද කෝෂය,
“කාන්තාරය හා කනත්ත යනු වචන දෙකක් නොව එකක්”
ලෙසට!..........
මොන්ගොල් ලේ තිබෙන සෑම ජාතියකම ගෝත්‍රිකයින් ඉතා ත්‍යාගශීලි මිනිසුන් විශේෂයක්.ඇත්තටම එය පමණට වැඩි ත්‍යාගශීලි බවක්!
![]() |
ගෝබියේ ටුබී නෝමැඩ්වරයෙක් (internationalreportingproject.org වෙතිනි) |
රස්තියාදුකාරයා
ඔබට මොන්ගොල් වරුන්ගේ අපුරු ත්‍යාගශීලි සිරිතක් පිළිබඳවත් සඳහන් කරන්නම්.මේ
පිළිබඳව සඳහන් වෙන්නෙත් මාර්කෝ ගේ දේශාටන වර්තාවේමයි. රස්ට්ලෝ හා මාර්කෝ සඳහන් කරන
ආකාරයට , විවාහක මොන්ගොල් පවුලක් සිටින ගෙයක නවාතැන් ගැනීමට සංචාරකයෙක් (පිරිමි)
පැමිණියොත් ගෙහිමියා අදාළ දිනයට කාන්තාව සංචාරකයාට බාරදී වෙනත් ගෙදරක නවාතැන්
ගන්නවාලු !
හිතවත් පාඨකයිනි සිතාබලන්න...
ඔබ
ගෝත්‍රිකයෙක් වුවා නම් ඔබේ බිරිඳව සංචාරකයෙක්ට බාරදී වෙන ගෙදරකට නවාතැන් ගන්න යනවාද?
ඔබ
ඔබේ බිරිඳව වෙනත් කෙනෙකු ස්පර්ශ කරනවාටවත් කැමතිද?
මේ සිරිත වර්තමානයේ ක්‍රියාත්මක නොවුනත් මාර්කොගේ දේශාටන වාර්තාවේ සඳහන් වුනු එය එහි ප්‍රධානම පරිච්චේද අතරින් එකක්.නමුත් රස්තියාදුකාරයා ටුබී ගෝත්රිකයන්ගෙන් අසා දැනගත් ආකාරයට මෙය මොන්ගෝලියාවේ ඇතැම් “තනිවූ” කඳුකර ගෝත්‍ර අතර දැනටමත් පවතින සිරිතක්.මෙයාට හේතුව බටහිර සමාජයට සාපේක්ෂව බලන ඔවුන්ගේ නුගත්කම ද? නැතිනම් කාන්තාවට ඒ සමාජයේ ඇති නොසැලකිලිමත් බවද?
මෙයාට
අදාල නොවුනත් “ආසියාවේ අශ්චර්යයේ” මෙවැනි දෑ සිදුවන්නේ නැතිද? තමන්ගේ බිරිඳව
ගණිකා වෘත්තියට යොදවන ස්වාමිපුරුෂයන් නැතිද? ඔබ සිතන්නේ නැතිද කාන්තාවගෙන් යැපෙන
ආර්ථිකයක් ඇති මෙවැනි රටක සෑම ස්වාමිපුරුෂයෙක්ම ඒ ගැන ලජ්ජාවට පත්විය යුතු බව?
අතවර
කිරීම් , බලහත්කාරකම් , දුෂණ ; මේ සෑමදෙයක්ම මිනිසා නමැති සත්වයාගේ රැකවරණය
බලාපොරොත්තු වෙන කාන්තාව නමැති සත්වයා ඉවසිය යුතුද? ....
![]() |
සීතල පාවෙක් |
![]() |
සම්ප්‍රදායික නෝමැඩ් සංගීතය |
ප:ලි - ඇන්කර්ඒජ් යනු වත්මන් ඇලස්කාවේ අගනගරය යි. එය කැනඩාවේ නගරයක් නොවේ. නිවැරදි කල ඇනෝනිමස් කියවන්නාට රස්තියාදුකාරයාගේ ස්තුතිය
සඳහන් නොකළ ඡායාරූප උපුටාගැනීම - වෝක්ස් පොපියුලි .kz
බාහිර මුලාශ්‍ර - ට්‍රැවල් ටු ඊස්ට් ඒෂියා 1882 නියෝර්ක් පුස්තකාලය (ගුගල් ඩොක්ස් හි ඇත)
ද නෝමැඩ්ස් 1952 , රාජකීය මුද්‍රණාලය එක්සත් රාජධානිය
නෝමැඩ්වරුන් , විකිපීඩියා විශ්වකෝෂය
මාර්කෝපෝලෝ ගේ දේශාටන වාර්තාව (සිංහල අනුවාදය)
මාර්කෝපෝලෝ ගේ දේශාටන වාර්තාව (ඉංග්‍රීසි අනුවාදය)
ලයිෆ් ඉන් මොන්ගෝලියා 2003 , හන්ට්බර් ඇන්ඩ් විස්ට් ප්‍රකාශකයෝ ස්විස්ටර්ලන්තය
සඳහන් නොකළ ඡායාරූප උපුටාගැනීම - වෝක්ස් පොපියුලි .kz
බාහිර මුලාශ්‍ර - ට්‍රැවල් ටු ඊස්ට් ඒෂියා 1882 නියෝර්ක් පුස්තකාලය (ගුගල් ඩොක්ස් හි ඇත)
ද නෝමැඩ්ස් 1952 , රාජකීය මුද්‍රණාලය එක්සත් රාජධානිය
නෝමැඩ්වරුන් , විකිපීඩියා විශ්වකෝෂය
මාර්කෝපෝලෝ ගේ දේශාටන වාර්තාව (සිංහල අනුවාදය)
මාර්කෝපෝලෝ ගේ දේශාටන වාර්තාව (ඉංග්‍රීසි අනුවාදය)
ලයිෆ් ඉන් මොන්ගෝලියා 2003 , හන්ට්බර් ඇන්ඩ් විස්ට් ප්‍රකාශකයෝ ස්විස්ටර්ලන්තය
hamdama wage kiyawalama koment ekak dannam
ReplyDeleteඔව් බන් විශ්ව කියන කතාව හරියට හරි වෙච්ච දේවල් උනා මමත් ඕව ගැන කතා කරන්න යන්නේ නෑ... එත් උබ අර පරණ ලියපු ස්ටයිල් එකටම ලියපන් උබත් එක ගියා වගේ ... එතකොට තමයි අපි කියවන කොට අපිත් ගියා වගේ දැනෙන්නේ
Deleteහොඳමයි මැලේ රාළ , මම උත්සාහ කරන්නම් දිගටම පුරුදු ක්‍රමය පවත්වගන්න...
Deleteඔබට ස්තුතියි...
නැවත ලියන ලෙස අප කල ඉල්ලීම සලකාබැලීම ගැන ස්තුතියි. රස්තියාදුකාරයා ට නැවට පණ ලැබීම ගැන සුභ පැතුම්.
ReplyDeleteමම මුල් කමෙන්ට් එක දැම්මේ ලිපිය නොකියවා. මට ඒ වෙලාවේ කියවන්න හැකියාවක් තිබුනේ නැහැ. දැන් තමයි කියවලා ඉවර කලේ. කලින් තිබුණු තාත්විකත්වය නැහැ. වාර්තාවක් වගේ. එහෙම කරන්න එපා මුලින් ලියපු විදියටම ඔබ ලෝකේ වටේ යන විදියට ප්‍රබන්දයක් ලියන්න ලෝකයේ සියලු කරුණු සත්‍ය කරුණු දාලා. ඔබ ගියා වගේ ලියන්න පින්තුර දාන්න මේකේ කළා වගේ. ඔබ පින්තුර ගත්තද නැද්ද සදහන් කරන්න එපා. ඔබ ගමන ගියා වගේ ලියන්න.
Deleteඅර හිමාල ඉඳපු රවණා ගේ පොත් තියෙන තැන කතාව වගේ තොරතුරු දාන්න එපා මේකේ මොකද ලෝකය ගැන ඉගෙන ගන්න ළමයෙකුට මේ බ්ලොග් එක ප්‍රයෝජනවත් වෙන විදියට ලියන්න. රවණා ගේ පොත් තියෙන තැන ගැන කතාව වෙන බ්ලොග් එකක් හදාලා කරන්න ගොඩක් රසවත් වේවි.
සුබ ගමන්....
සිරාවටම විදුරයෝ .......අර කලින් තිබුන ගතිය නැත්තම් අපිට මේක කියවන්නත් එපා වෙයි.ඊළඟ පෝස්ට් එකේ ඉඳලා පරණ පුරුදු විදියට ලියපන්.
Deleteස්තුතියි විශ්ව ,,
Deleteමේක මගේ සිහිනයක් , වැරදුනේ පටන් ගත්තු විදිහ , ඉතින් ඉක්මනටම මම ඒකනිවැරදි කළා ....
පැරණි ක්‍රමයට එන්න උත්සාහ කරන්නම්...
@ඇනෝ
Deleteස්තුතියි ඔබට ...
මම උත්සාහ කරන්නං...
දැන් ඉස්සර තරම් රහ නෑ බං.අර මේකේ ඉන්න පඬියෝ කියන සයිලියද මොකක්ද එක දැන් නෑ.
ReplyDeleteකට්ටිය උබට ........ ............. ගිහින් මේක කෑවා.
අෆොයි :)
Deleteමම ඉක්මනටම යාන්ත්‍රික ස්වභාවය ඉවත් කරගන්නම්...
welcome back විදුර !
ReplyDeleteඋබ තමා දවසකටවත් මිනිහා...:D
උඩින් පල්ලෙන් බැලුවේ. පස්සේ ආය එන්නම්..
(දැන්ම හදපන් Anchorage තියෙන්නේ කැනඩාවේ නෙවේ. කාලෙකට ඉස්සර රුසියාවට අයත්වෙලා තිබ්බ.... පස්සේ තුට්ටු දෙකකට ඇමෙරිකාවට වික්ක.... තෙල් සම්පත් වගේ ස්වබාවික සම්පත් තියෙන ..... ඇමරිකානු ප්‍රාන්තයක් වන ඇලෙස්කාවේ... ඒකේ අගනුවර)
සාර්ථක හා සාධාරණ දිගු ගමණකට ශුභාසිරි!!!
ස්තුතියි ඇනෝ ...
Deleteඔබවත් සාදරයෙන් පිළිගන්නව....
ඉක්මනටම හදන්නම් , කීදෙනෙක් මුලාවේ වැටුනද දන්නේ නැහැ....
ඔබට ස්තුතියි දැනුවත් කිරීම ගැන...
මිනිහෙක්ට පහර දීලා විනාශ කරන්න ලේසියි, ඒ මනුස්සයට හරි වැරැද්ද කියා දීලා නිවැරිදි පාරට ගන්න එක අමාරුයි.
ReplyDeleteඋඹ බුද්ධිමත් කොල්ලෙක්, නැතිනම් මේතරම් ඉක්මනට උඹට රීටන් ලිපියක් ලියන්න අමාරුයි. උඹ වැරදි හදා ගත්තු එක ගැන සංතෝසයි [උපුටා ගත්ත ෆොටෝස් වලට ක්‍රෙඩිට්ස් දීපු එක අගය කරනවා].
කලින් ලිපිවල තිබ්බ රිදම් එක මේකේ නෑ. ඒත් දිගටම ලියාගෙන පලයන්, එතකොට උඹට ආයෙත් අර කිව්වා වගේ "ශෛලිය" අහුවේවි.
දැන් උඹ කරන්නේ හාන්සි පුටු සංචාරයක් බව හැමෝම දන්න නිසා කවුරුවත් නොගිය ඉසවු වලට පලයන්. උදහරණයක් විදිහට අර රාවණා ගුහාවට ගිය ගමන වගේ එකක් ;)
උඹට සුබ පැතුම්..! දිගටම ලියපන්..!
ස්තුතියි මාලන් , මම උත්සාහ කරන්නම් පැරණි ශෛලිය ට පැමිණෙන්න...
Deletevidura
ReplyDeletejust write as wrote in past!! fuck all those who comments against u\]
u know i live in KSA, really enjoed the way u wrotte\\
because still i'm frefeered to read in shinhals
just write as before u were
good for you that " you are frefeered" to read in sinhala , good for others if "you are frefeered" to comment also in sinhala.
Delete/FREFEERED / ?????
Deleteහරි හරි ඔන්න ෆක් කිව්ව සේරටම :)
Deleteස්තුතියි ඇනෝ , මම පෙර විදිහටම එන්නං...
//good for you that " you are frefeered" to read in sinhala , good for others if "you are frefeered" to comment also in sinhala.//
ඔබ මේකෙන් අදහස් කල දේ මට හිතාගන්න අමාරුයි ඇනෝ ,
ඔබ "frefeered" අදහස් කළේ referred යන්නද?
දැන් බලමු උඹට හුරේ දාන්න පඩ ෂෝ කාරයෝ කීයක් ඒවිද කියලා.. විදුර දිගටම ලියන්න.. එක එක ගස් බල්ලෝ කරන්න යන මගුල් වලට සැලෙන්න එපා.. ශෛලියක් අරකක් මේකක් මන් දන්නේ නැහැ මචන්..දිගටම ලියපන්.. මචන් ආයේ කවදාවත් මේ පුහු අටෝප කාරයන්ගේ වචන වලට අහු වෙන්න එපා.. මුන් තනිකර බොරු පඩ ෂෝ කාරයෝ.. දැන් බලහන් උඹට කී දෙනෙක් උන්නද ඉස්සර හුරේ දාන්න.. ? දැන් කෝ උන් ටික ...?
ReplyDeleteආයේ උඹ රැවටෙන්නත් එපා . උඹ අනුන්ගේ ඒවට නම ගහන්න යන්නත් එපා..මෝඩයෝ ටිකක් දැක්කම අල්ලන් මඩවපන් ... ඒකට කමක් නැහැ...මගේ විශයන් ගැන නොදන්න දෙයක් තිබ්බොත් අහපන්.. silentsahan@gmail.com
( හැබැයි පුතෝ ගේම් දෙන්න එහෙම හදන්න එපා.. )
ඔව් බං .....විදුර පිටරට නෙවෙයි කියල දැනගත්තම සමහරුන්ට දුක හිතෙන්න ඇති.විදුරගේ ගානේ ට්‍රිප් යන්න ප්ලෑන් කරපු අය එහෙම......
Deleteඅනිවා..... අභීතයා එහෙම මූ ලංකාවට එනකන් කෙල හල හල බලන් හිටියෙ ඔබා මාමා වගේ මෝරා කරගන්න.....
Delete\\\\\\\\විදුර පිටරට නෙවෙයි කියල දැනගත්තම සමහරුන්ට දුක හිතෙන්න ඇති.\\\\\\
Deleteකාට කියන්නද මචෝ මේවා ..:)
ඒක නෙවේ දැන් රැල්ල ගහන්නේ අනික් පැත්තට නේද ...? :P
සංසාරේ සංසාරේ ...!
ස්තුතියි සහන් ...
Deleteහරි මං දිගටම ලියන්නං ...
@ඇනෝ 1
Deleteඅර කිව්ව වගේ සංසාරේ තමයි...
@ඇනෝ 2
ඒ මක්කැයි ?
මම ඔබා මාමව නං දැක්ක බ්ලොග් වල යටින් දාල තියෙනව... අතීත බ්ලොග්කරුවෙක්?
@ සහන්
Deleteඋබට පිස්සුයි?
රැල්ල කවදත් ගැහුවේ වාසි පැත්තට හෝයියා කියල බං
හැක හැක .......
අතීත නෙවෙයි බන් අභීත එදිරිසිංහ....
Deleteමෙන්න මේකා: http://tikakhinawenna.blogspot.com/
යටින් තියෙන්නෙ තොරණෙ විස්තරේ : http://upashantha.blogspot.com/2012/07/blog-post.html
තොරණෙන් නොකියවෙන කතන්දරත් තියෙනවා...... පරිස්සම් වෙන්න.....
@ඇනෝ 4
Deleteඇනෝ මම "අතීත බ්ලොග් කරුවෙක්?" කියල විමසුවේ ඔබා මාම ගැන. එත් උඹ කිව්වේ වෙනම කතාවක් ගැන. ඒ වුනත් ඒක අපුරුයි බං,
මම නොදන්න ගොඩක් දේවල් මෙහෙ තියෙනවනෙ...
මම හිතුවේ මම විතරයි ගොන් ආතල් ගන්නෙ කියල , බලං ගිහාම මට කලින් හොඳ හොඳ සීන් වෙලා තියෙන හැඩයි!
නොදන්න , නොතේරෙන , උඹලට සාපේක්ෂව රෙද්දෙ චූ කරගන්න එකෙක් හැටියට අනිවා පරිස්සං වෙන්නම්...
උඹට ස්තුතියි කිව්වට...
පලවෙනි කමෙන්ට් එක විදිහට මම දාපු කමෙන්ට් එක උඹ කෑවද . මම ඒක දානකොට එක කමෙන්ට් එකක්වත් තිබුන් නැ . ඒක පබ්ලිෂ් උනා කියලත් මම දැක්කා . විදුර ඒක කෝ
ReplyDeleteඅපොයි අටං , සමාව භාජනය කොරන්ට තමයි වෙන්නෙ පුතෝ...
Deleteඅර පරණ කොමෙන්ට් ටික වැඩක් නැති නිසා මම එව්ව ඩිලීට් කොලා,,, ඉතින් කොලේ සිලෙක්ට් ඕල් කොරල...
ඉතින් ඔය අස්සේ තිබිල ඒක මැකෙනවා මම දැක්ක,,, මොනව කොරන්ඩද ...
මම ඊමේල් සබ්ස්ක්රිප්ෂන් බලල , තියෙනව නං දාන්නං...
සිහින දැකීමත්, සිහින තුල ජීවත් වීමත්, උඹේ අයිතියක්. කවුරු කොහොම කිවත් නොදන්නා ගොඩක් දේ දැන ගත්තා.
ReplyDeleteඔව් මගේම සිහින ලොවක් තියෙනව ඇනෝ :)
Delete//කවුරු කොහොම කිවත් නොදන්නා ගොඩක් දේ දැන ගත්තා. //
අන්න ඒකයි මට තියෙන සතුට....
බොහෝ සන්තෝෂයි විදුර උඹට වැරදි හද ගන්න ගට තිබීම ගැන.ඔබේ නිර්මාණශිලිත්වය අවංක විදියට පාවිච්චි කර දුර ගමනක් යන්න සුබපැතුම්.
ReplyDeleteඔබට ස්තුතියි නිකං ...
Deleteමොකක් හරි එකක් අඩුයි වගේ. සමහරවිට රිදම් එක වෙන්න ඇති. නැවත ලියන්න ගත්ත එක ගැන සතුටුයි විදුර. හැමවෙලේම මේ වගේ සෙකන්ඩ් චාන්ස් එකක අගය හැමෝටම ලැබෙන්නේවත්, ඒක භාරගන්නවත් ලෑස්ති නෑ. ඔබ ගැන හරිම සතුටුයි.
ReplyDeleteමුලින්ම දහස් වාරයක් සමාව අයදිනවා රංගි , ඔබේ සැලසුම් කල චාරිකාව මා නිසා කඩාවැටීම ගැන...
Deleteස්තුතියි "බූරු කෙල්ලට:.... :)
ෂැගියෝ, නියමයි බන්. උඹ මෙච්චර ඉක්මනටම නැගිට්ට එක ගැන සතුටුයි. මම කලින් කිව්වට දැන් කට්ටිය දන්න නිසා මෙහෙම ලියන එක වැඩක් නැතිවෙයි කියලා, ඒකෙ අවුලක් නෑ බන්. උඹ රස්තියාදුකාරයා නාමෙන් දිගටම දේශාටනය කරපන්. මේවා හරි වැදගත් බන්. කවදා හරි කාට හරි ප්‍රයෝජනවත් වෙයි. නැද්ද සහන් ? උඹ මූලාශ්‍රත් දාලා තියෙන්නෙ. ඒ කියන්නෙ උඹ කළ වැරැද්ද නිවැරදි කරගෙන කියන එකයි. උඹට දිග ගමනක් ගියෑකි. ජය !!
ReplyDeleteස්තුතියි සෙන්න ...
Deleteඔව් මාත් හිතන්නේ කාටම හරි පොරෝජනයක් වෙයි....
දැන් තමයි මච්ං උඹ ට්‍රැක් එකට ආවෙ. ශෛලිය නෙවි වෙන මොකක් වෙනුවෙන්වත් උඹ තවත් කෙනෙකුගේ අයිතිය නැති කරන්න එපා මචං.
ReplyDeleteස්තුතියි බං ...
Deleteඉදිරියට කොහොමටවත් එහෙම වෙන්න ඉඩ තියෙන්නෙ නැහැ ....
කෙනෙකුට තමන්ට වැරැද්දක් වුනා කියල පිලිගන්න හොද ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙ. හරිම ස0තෝශයි විදුරට ඒක තියෙනවා.
ReplyDeleteදිගටම ලියන්න, අපි හැමදාම එනවා.. ඉස්සර වගේ.
ස්තුතියි ඇල්බන් මහත්මය...
Deleteමම වැරදි නිවැරදි කරන්නං....
විදුර... සමහර විට උඹට කලින් හිටපු පාඨකයෝ හුඟක් නැති වෙයි... මොකද ඒ අය මේක කියෙව්වේ වෙනත් ඇහැකින් නිසා. සමහර විට කල් යනකොට හරියන්න ඉඩ තියනවා.
ReplyDeleteමම කලින් උඹේ පාඨකයෙක් නෙමෙයි. අනික උඹ කරපු බොරුවට විරුද්ධ කෙනෙක්. උඹේ ලොකුම වැරැද්ද වෝටර්මාක් දාගෙන පින්තූර වල ක්‍රෙඩිට් එක ගත්ත එක. උඹ හැරිලා බලපු දවසක උඹට තේරෙයි, උඹට ලොකුම උදව්ව කලේ / හරි මාර්ගයට ගැනීමට මුල් වුනේ මාරයාගේ පෝස්ට් එක කියලා. උඹ වැරැද්දක් කරපු වෙලාවට ඒකට විරුද්ධ වෙන්නත්, උඹ වැරැද්ද හදාගෙන ලියන්න පටන ගන්නකොට ඒකට 'තම්බ්ස් අප්' කරන්නත් මට පුළුවන්. ඕක තේරුම් ගන්න අපහසු කට්ටිය මෙතන ඉන්න පුළුවන්. අපි හැමෝටම කරන්න පුළුවන් දේවල් අපි කලා. දැන් ආයෙත් උඹේ වාරේ.
මේ පෝස්ට් එක ගැන කියනවානම්... කලින් ඒවට වඩා වෙනස්... රස්තියාදුකාරයාගේ ඇහින් දකිනවා වෙනුවට, වාර්තාමය ගතියක් තියනවා. සමහර විට, තමන්ගේ ඇහින් දැක්කා වගේ ලියන්න අපහසුවක් දැනෙනවා වෙන්න ඇති. රස්තියාදුකාරයාව විදුරගෙන් වෙන් කරපන්. එතකොට ඒ අපහසුව මගහැරේවි. පෝස්ට් එකට අදාල ක්‍රෙඩිට් වෙනම දීලා තියන නිසා, පෝස්ට් එක ඇතුලේ ඒවා උපුටාගත්ත ඒවා ගැන සඳහන් කරන එක රසයට බාධාවක් කියලා මට හිතෙන්නේ. මේ වගේ එකක් ලියන්න මූලාශ්‍ර ගොඩක් අවශ්‍ය නිසා, සමහර විට මෙන්න මේ වගේ දෙයක් කරන්න උත්සාහ කරපන්. සියලුම මූලාශ්‍ර වෙනම පිටුවක ලිස්ට් කරලා හැම පෝස්ට් එකක්ම අවසානයේ ඒ පිටුවට ලින්ක් එකක් දීපන්. අලුතෙන් එකතුවෙන මූලාශ්‍ර ඒ පිටුවට එකතු කරන්න පුළුවන්.
මේ ඔක්කොම කතා අතරේ, උඹ කරලා තියෙන්නේ, ඒ කතා බහෙන් ඈත්වෙලා තමන්ගේ වැරද්ද හදාගන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලපු එක. ඒක බොහොම හොඳ ලකුණක්. ඔබට සුභ පැතුම්!!!
ඔව් මට ඔබව මතකයි තිසර ... ඇත්තම කිව්වොත් එදා තමයි මගේ ජීවිතේට වැඩිම දෝෂාරෝපණ අහපු දවස :) මිට කිලින් ඔහොම වෙලා නැහැ , මොකද මං වැඩිය ගොන් ආතල් අරගෙන නැති නිසා ...
Deleteඔව් මාරයා වටින පුද්ගලයෙක් ...
ඕනේ වෙලාවක තිසර වැරද්දකදී පෙන්නලා දියන් .... මම එව්ව හදාගන්නම්...
පාඨකයො අඩුවෙන එක ගැන ඒ හැටි ගානක් නැහැ තිසර, ඒක තමන්ගේ කැමැත්තනේ , මේක කියෝපු සමහර අය ඇත්ත විදිහට හිතල කියෝපු අය , අනිත් අය දැනුම අරගන්න කියෝපු අය.. කොහොමත් ගැටළුවක් නැහැ...
ඔව් මම රස්තියාදුකාරයාව , විදුරගෙන් වෙන්කරන්න බලන්නම්...
මම දන්නෙ නෑ මුකුත්... උබ හොදට ලියල තියෙනව... උබ ඇත්තටම වාසනාවන්ත චරිතයක්... ඔය වගේ රවුන් ගහන්න කාටවත් චාන්ස් එක එන්නෙ නෑ.. එල එල... තව තැන් වල යන්න සෙට් වෙයායායායාන් කියල ප්‍රාර්තනා කරනවා...
ReplyDeleteඅපොයි ගාලු !
Deleteපලයන් මාරයාගේ අඩවියට ... ඒකෙ ලඟම ආපු පෝස්ට් එක බලපන් , සේරම ටික ටික වැටහෙයි....
කොහොම හරි ස්තුතියි බං...
නැවත ලියන්න පටංගත්ත එකට සතුටුයි. ඔය පොත්වල මොනව තිබුණත් ඕව කියවන්න කීදෙනෙකුටද හැකියාව තියෙන්නෙ. ඒ අතින් මේ වගේ ලිපි ලියන එක ගොඩ දෙනෙකුට වැදගත් වෙයි.
ReplyDeleteදිගටම රස්තියාදු ගහමු.
ස්තුතියි Praසන්ன
Delete//ඔය පොත්වල මොනව තිබුණත් ඕව කියවන්න කීදෙනෙකුටද හැකියාව තියෙන්නෙ.//
අන්න ඒක නං මාත් පිළිගන්නව, ඒක නිසා මේ ලියන එක වැදගත් බව හොඳටම දන්නව...
හොඳයි එහෙමම කරන්නං..
ආපහු ආව එක ගැන සතුටුයි විදුර, මටත් හිතෙන්නෙ උඹගෙ රිදම් එක හැලිලා.හාන්සිපුටු දෙශාටනය කවුද බන් මේ නම දාන්න කීවුවෙ. හාන්සිපුටු දෙශාටනය කියන එක හරියන්නෙ නෑ. මේක රස්තියාදුකාරයාගේ දෙශාටනය. උඹ හදපු චරිතය මරන්න එපා.
ReplyDeleteමේ දේවල් උඹ ගිය ගමන් වගේ ලියපන්, ඒවගේම වගකීමෙන් වැඩකරපන් ( කවදාවත් තව එකෙක්ගේ MAIL එකක් අවසරයක් නැතිව ප්‍රසිද්ද කරන්න එපා.)
ඔය නම දාන්න කිව්වේ අපේ ක(ක්)කා තුමා නෙව.(විදුරය දැන් ඒ පෝස්ට් එක අයින් කරලා.) අනේ බන්,හාන්සි පුටුව අකුලලා ගේ මුල්ලෙන් තියලා මල්ලත් අරන් පාරට බැහැල අවිදපන්.අපිට ඕන අන්න එහෙව් රස්තියාදුකාරයෙක්.
Deleteස්තුතියි කම්මල...
Deleteරිදම් එක හදන්න ට්‍රයියක් දෙන්නං....
නම වෙනස් කොරන්න කිව්වෙත් එදා කොමෙන්ට් කොරපු කෙනෙක් තමා, මං ඉතින් එයැයිට පොරොන්දුවක් උනානේ අනිවා නම වෙනස් කරනවා කියල...
ඔව් කවදාවත් ඒ වැඩේ කරන්නෙ නැහැ , මං පොරොන්දු වෙනව....
@ඇනෝ
Deleteඇනෝනිමස් "කා" ද?
මගේ මතකේ හැටියට වෙන කෙනෙක් , අනේ මන්ද
හොඳයි පුරුදු විදිහට එන්නං කො...
"කා" නෙවෙයි විදුරයෝ ........ කකා...කතන්දර කාරය ....අපි උන්දැට කියන්නේ "ක(ක්)කා" කියල නෙව.
Deleteඅපොයි ඇනෝ :)
Deleteක(ක්)ක තුමා වෙන්න ඇති එහෙනං....
කකා කියන නම් දාන්න,පිස්සුද බන්. ඊට ඉස්සල්ල බලපන් කකාගේ පොස්ට්,මෙලෝ රහක් නෑ,නිකම් උඹට දුන්න නම වගේ. ඕනෙනම් එතන ඉන්න ඇනෝ කෙනෙක්ගෙන් අහල නමක් දාගනින්. ඒකත් පරිස්සමින් කකත් ඇනෝ ඇවිත් ඉන්නව.
Delete@ඇනෝ 3
Deleteඅනේ මන්ද බං , මට තේරුනා මදි ...
විදුර, මම උඹේ ආත්ම ශක්තිය අගය කරනවා. නොකවුට් වෙන්නම වැදිලත් ආපහු දෙපයින් නැගී හිටින එක ලේසි වැඩක් නෙවෙයි. මේ ලිපියෛ අපි කාටත් පොඩි වෙනසක් තේරුනා තමයි. මට කියන්න අවශ්‍ය දේ හුඟ දෙනෙක් කියලා තියෙනවා. ඒ නිසා නැවත කියන්න ඕනේ නෑ.
ReplyDeleteඅර කාන්තාර දෙක සංසන්දනය කරන කොටසට මට හිත ගියා. ඇත්තෙන්ම මමත් හිතුවේ ශීත කාන්තාරේ වඩා හොඳ වෙයි කියලා. නමුත් ඒ එකතු කරගන්න වතුර බීලා ටිකකින් ෆ්රොස්ට් බයිට් නැතිනම් හයිපතර්මියා හැදිලා මැරෙන්න වෙනවා නම් ඊට වඩා හොඳයි තමයි කරවල කූරියෙක් වෙලා මැරෙන එක.
මම හිතන්නේ ඔය වියළි කාන්තාරත් රෑට අධික සීතලයි කියලා. ඒ වගේම අතරමං වෙච්ච උන් වැල්ලේ වර බිංකුණ්ඩෝ හාරන වලවල් වගේ පුනීල හැඩයේ වලක් හාරලා ඒකේ පොලිතීන් එකක් එලලා අඩියෙ වතුර එකතු කරගන්න ටින් එකක් රඳවලා, රෑට වැටෙන පිණි ඝනීභවණය කරගෙන බීමට ගත්තු අවස්ථා මම අහලා ටියෙනවා.
ස්තුතියි ඩුඩ් ,,,
Deleteමම පුරුදු විදිහට එන්න උත්සාහ කරන්නං...
මමත් මෑතක් වෙනකං හිතාන උන්නේ ඩුඩ් හිතපු ටිකම තමයි.ඒත් ඉතින් ඕක පස්සෙ වෙනස් වුනා අදාල පොත් හෙම කියවනකොට...
ඔව් හයිපතර්මියා සෑහෙන්න වේදනාකාරී දෙයක්ලු කියල මාත් අහල තියෙනව...
ඔව්ව ඉතින් අත්දකින්න ඩිප්ෆ්රිසර් එකට අත දාල දොර වහන්න එපැයි..
උෂ්ණ කලාපිය කාන්තාර වෙලා රැට උෂ්ණත්වේ සීතල එව්වගේ තරං බහින්නෙ නැහැ ඩුඩ් , සෙල්සියස් 4 ක විතර උපරිමෙකට තමයි ,, එත් ඉතින් ඒ ටිකත් ඇති..
අම්මප..ඔය වතුර ගන්න එක මම ඉස්සරම(1999) උදේට රුපවාහිනියේ ගිය ඩිස්කවරි ප්‍රෝග්‍රෑම් එකේ දැක්ක මතකයි...
රස්තිය..උඹ ට එල ගේමක් දුන්න සහන් මල්ලියා...ඒ කරපු ඒවාට කල ගුණ තියාගෙන ඉදිරියට යමං.
ReplyDeleteඔය ලෑන්ඩ් එකේ මම එක්ක මගේ සෙට් එකේ පස් දෙනෙක් එක්ක බොම්බෙට ගිහිල්ල,එතනින් ට්‍රෙන් එකේ ලාහෝර් ගිහිල්ල බස් එකේ කරච්චි වලට ගිහිල්ල,එතනින් පෙෂාවෝර් රවුමක් දාල,ඇෆ්ගන් බෝඩර් එක අසලින් ගමන් ගෙන පකිස්ථාන,ඉරාන ක්වෙටාර් බෝඩර් එකේදී මගේ අත තිබුන කැමරාව සහ ෆිල්ම් රෝල් ටිකත් උදුරාගත්ත ඉරාන හමුදා උත්තම නිලධාරින් එයාල සන්තක කරගෙන අපට නිදහසේ යන්න දුන්නෙ.
අපේ නිත්‍යානුකුල අවසර පත් පවා නොසලකා හැර..
එතැන් සිට බන්ඩර් අම්බාස් හරහා ටෙහෙරාන් නගරයට ද,එතැන් සිට තබ්රිස් නගර ය දක්වා පාරකින් ගිය බුවෙකි මං..
මම මේ ටික කිව්වෙ අපේ ළමයින්ට දැනගන්න..
මමත් හොද "ඇත්ත"රස්තියෙක් ඔබලා අතර.
++++++++++++++++
Deleteකෙන්ජි අයියා දන්නවනේ මම එදා ඉඳන් ඉතින් ගූ පාර කාගෙන ඉන්න එකා කියලා .. මට ගූ ගහන්නේ වැදගත් නෝනලා මහත්තයලා..අන්න ඒකයි වැඩේ... :)
Deleteසහන් මල්ල උඹ ඇවිල්ල අපි එක්ක ඉන්න ඕන දැනුම් සම්භාරයක් තිබෙන,මා සිතන ලෙසට ජාතික වස්තුවක්...
Deleteසමහර මත ගැලපුම්...නොගැලපුනත්...
මොනව කොතන කිව්වත්....අදත්..
පළමු ව ඔබේ ලිපි වලට වචන ය කෙටුවා වගේම අදටත් මගේම මල්ලිලා දෙන්නට තිබෙන ආදරයෙන් සලකනව මල්ලියා..
අනේද කියන්නෙ කෙන්ජි , මටත් ඉතින් ඔහොම හරි වාසනාවක් නැති හැටි ....
Delete"මගේ සෙට් එකේ පස්දෙනා කිව්වේ " සප් එකට ඉන්න ජප්පෝ සෙට් එකද ? - අර නලින්ගේ වෙරළු මල් සුවඳේ කිව්වේ ?
අපොයි සහන් ; ඔබ නං සෑහෙන්න භයානක පොරක් ! ඒත් ඉතින් ආශ්‍රය කරන්ට ලැබුණු එක වාසනාවක් මයේ හිතේ!
Deleteවිදුර මල්ල ඒ පස් දෙනා වෙනස් අය...ඒ ගිය කස්ටිය ගැන ඉදිරියේදී මම ලිපි
Deleteලිව්වොත් ඔබට මුණ ගැසෙයි..
හරි බලන් අපි බලන් ඉන්නම් කෙන්ජි අයිය....
Deleteඔව්. මමත් විශ්වාස කරනව සහන් බොස් බ්ලොග් අවකාශයට ඉන්න අපූරු දැනුමක් සහිත මනුස්සයෙක් කියල කෙන්ජි..උගේ ෆීල්ඩ් එක කෝකද කියල හිතාගන්න බෑ තාක්ශනික දැනුම ඉහලයි..ඔහුත් විචාරකත් මගේ හැටියට ස්මපත් දෙකක්..කඩේ යාමක් කියා සිතන්න එපා.ඔවුන්ගේ මහන්සිය අගය කල යුතුයි..අනේ බන් කෙන්ජියො. උබත් ඔය කොටන කොමන්ට් කුනුහරුපම නොකිය නලියගෙ බ්ලොගටවත් ලියාපන්කො මක්කහරි . අඩුම ගානෙ ජපන් කාරෙකක් ගැනවත් . ඔන්න හා ඈ...
Delete-පත්තර මල්ලි -
(හා එතකොට උබ ලියන බ්ලොග කියාපන් පත්තර මල්ලි අපිටත් ගොඩ වෙලා යන්න.)
Deleteහා හා ඕව ඔට්ටු නෑ . මොකෝ මන් ලියන බොගක් නෑ අනුන්ට කීවට, ඕන්න ගල් ගහපියව් මට දැන් :-)
පත්තර මල්ලි
@පත්තර මල්ලි
Deleteමමත් දැකපු විදිහට සහන් අමුතු ජාතියේ පොරක් , මට තේරුම් ගන්න අමාරුයි ඒත්..
කෙන්ජියගේ රස්ත ගතිය නිසා මම හිතන්නෙ උගේ පොස්ට් වල අමුතු ගතියක් තියෙනව බං පත්තර
ඔය කිව්වට යකෝ මට උඹවත් තේරුම් ගන්න අමාරුනෙ!
මොකාටද බන් සීතල පාවෙක් කියන්නෙ ?
ReplyDeleteඅපොයි සෙන්න .., සීතල පාවෙක් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි. පාවෙක් නැත්නම් පෙවෙක් කියන්නේ රුසියාවේ හුදෙකලා නගරයක්... මේ නගරෙ ඉඳන් ලඟම තියෙන නගරෙටත් කිලෝමීටර් 2500++ කට වඩා තියෙනව , මැප් එකක් අරගෙන උතුරු රුසියාවේ චුකොටා කියන බොක්ක (මේක ආර්ක්ටික් සිමාවේ තියෙන එකක්) හොයාගන්න. අන්න එතනට අල්ලපු ටවුම තමයි පෙවෙක් කියන්නෙ...
Deleteහෙහ් හෙහ් මම මුලින්ම ඔය වචනේ දකින කොට හිතුවේ සිතල හාවෙක් කියල ලියන්න ගිහින් අකුරු වැරදිලා කියල.. පස්සේ තැන් දෙක තුනකම තියෙන කොට තමා තේරුම් ගත්තේ මොකක් හරි පලාතක් කියල..
Deleteඅපොයි පැතුම් !!!
Deleteමං විදුරගේ කලින් ශෛලියට වඩා මේ ශෛලියට කැමතියි... මේකෙ නිකම්ම කාගේ හරි කතාවක් කියවනවට වඩා කියවන කෙනාට හිතන්නත් පොඩි ඉඩක් තියෙනව... ඒත් සමහර තැන් වල වාර්තාමය ගතිය වැඩියි.. තාර්කික හරි ඉතිහාසගත හරි කරුණු ඉදිරිපත් කරද්දි මූලාශ්‍ර දෙන්න උත්සාහ කරන්න පුළුවන් නං හොඳයි... ( මං මේ ඒන්ෂන්ට් ඒලියන්ස් සහ ඩිස්කවරි ඩොකියුමන්ටේෂන්ස් ඔලුවෙ තියාගෙන මට හිතිච්ච ටික මේ ලිව්වෙ... හි හි) හැබැයි මේ විදියට ලියද්දි නං අර රස්තියාදුකාර දේශාඨන කෑල්ල ගැලපෙන්නෙ නෑ වගේ... හ්ම්ම්...
ReplyDeleteඅර සීතලෙන් ගල්වෙන කෑල්ල කියෙව්වම මතක් උනේ සැබෑ මිනිසෙකුගේ කතාවක් එකේ මුල සිද්ධි ටික... හිමට කොච්චර කැමති උනත් ලංකාවෙ හිම නැති එක කොච්චර හොඳඳ කියල හිතෙන්නෙ මෙන්න මේවා කියවද්දි තමයි...
අනේ මන්ද හිරු අක්කෙ , ඔන්න පොඩ්ඩක් හිරවුණු තැනක්,,,
Deleteඒ වුනාට බහුතර මතේ නිසා පුරුදු විදිහටම මම ලියන්නං....
ඔව් මමත් හිතන්නෙ ලංකාවට හිම වැටුනොත් මම තවත් කම්මැළි වෙයි. ඒක නැති එක හොඳයි...
vidura=DDT ?
Deleteඅනේ නෑ ඇනෝ
Deletevidura = vidura weerasinghe
DDT = duminda de silva
මාරයා වරද පෙන්වා දීමත් එම වරද කෙටි කලකින්ම හදාගන යළි බ්ලොග් කරණයට පිවිසීමත් අගය කරමි. හරවත් දෑ සමගින් හමුවමු දිගටම සුබ පැතුම් විදුර
ReplyDeleteමාරය තමයි පොර :)
Deleteස්තුතියි නලින් ...
විදුර ආපහු ලියන එක ගැන සතුටුයි.
ReplyDeleteමම නම් ඉන්නෙ විදුරට අරින්න ආපු අනික් ඔක්කොම උන් කොහොම උනත් මාරය කරපු වැඩේ නම් විදුර ඉල්ලන් කාපු එකක් කියන ස්තාවරයේ. ඒක නම් මට හුරතල් කරන්න ඕන නැහැ රැල්ලට දුෂ්ඨයො වත් වීරයො වත් වික්ටිම් ලා වත් හදන්න. විදුරත් ඒක දැන් තේරුම් අරන් ඇති. ගිය දේවල් දැන් ගියා. එහෙම හිතල මෙච්චර ඉක්මනට අලුතෙන් පටන් ගන්න විදුරට කොන්ද පන තිබුනු එක ලොකු සතුටක්.
මටත් හිතෙන්නෙ කලිත් තිබුනු ශෛලිය මීට වඩා හොඳයි වගේ. අරුණි එහෙම (කියවන්න පුලුවන් ලිපි ලියපු කාලෙ) මේ ශෛලියෙනුත් සාර්ථක උනත් උඹට සිරාවට අල්ලල ගියේ අර ශෛලිය. පොඩි පොඩි ෆැක්චුවල් වැරදි තිබුනට කමක් නෑ ලියන්න, *ප්‍රබන්ධ වල* එහෙම තියනව ඕන තරම්. කවුරු හරි ඒව හදාවි. ෆැක්චුවල් වැරදි ලොකු කේස් එකක් වෙන්නෙ ඒව ඇත්ත කියල ක්ලේම් කරන්න යන කොටයි. ඒක නිසා උඹට දැන් අලුත් නිදහසකුත් තියනවා.
ෆොටෝ ක්‍රෙඩිට්ස් ටික ඔක්කොම එකතු කරල ලිපියෙ අන්තිමට දැම්ම නම් හරි ෆ්ලෝ එකට හානියක් නොවෙන්න. කලින් ෆෝම් එකට ඉක්මනට ආපහු ඒවා කියල සුබ පතනවා.
+++++++++++++++
Deleteඔබට ස්තුතියි අගුණ , වැරදි ඉක්මනටම හදාගන්නම්...
Deleteනලින් මොකක්ද දෙයියනේ ඔය වැට ?
Deleteවිදුර, තව එකක්, ඉමේජ් ක්‍රෙඩිට් දාන කොට අදාල තැනට ලින්ක් එකකුත් එක්ක දාන්න. ඒ මිනිස්සුන්ට සිංහල තේරෙන්නෙත් නෑ නැත්නම් ඔයා ක්‍රෙඩිට් දැම්මද නැද්ද කියල වත් බලා ගන්න, අනික වැඩියෙන් උනන්දු කෙනෙක්ට ඒ ලින්ක් වලට ගිහින් බලන්නත් පුලුවන්. ක්‍රෙඩිට් බල්ලට දාල උබ ලියපන් මචන් උඹ මාර ක්‍රියේටිව් උඹ තමයි පොර කියන අය්යලත් මේකෙ ඉන්න බැරි නෑ. එහෙම අයගෙන් පරෙස්සම් වෙයන්.
ReplyDeleteලින්ක් එකක් දාන්නම් .... , ඔබට ස්තුතියි "අගුණ"
Delete// මචන් උඹ මාර ක්‍රියේටිව් උඹ තමයි පොර කියන අය්යලත් මේකෙ ඉන්න බැරි නෑ. එහෙම අයගෙන් පරෙස්සම් වෙයන්.//
මගෙ ඔය කියන තරං මෙව්වා එකක් නෑ ඕන්...
//මම මුල් කමෙන්ට් එක දැම්මේ ලිපිය නොකියවා. මට ඒ වෙලාවේ කියවන්න හැකියාවක් තිබුනේ නැහැ. දැන් තමයි කියවලා ඉවර කලේ. කලින් තිබුණු තාත්විකත්වය නැහැ. වාර්තාවක් වගේ. එහෙම කරන්න එපා මුලින් ලියපු විදියටම ඔබ ලෝකේ වටේ යන විදියට ප්‍රබන්දයක් ලියන්න ලෝකයේ සියලු කරුණු සත්‍ය කරුණු දාලා. ඔබ ගියා වගේ ලියන්න පින්තුර දාන්න මේකේ කළා වගේ. ඔබ පින්තුර ගත්තද නැද්ද සදහන් කරන්න එපා. ඔබ ගමන ගියා වගේ ලියන්න.
ReplyDeleteඅර හිමාල ඉඳපු රවණා ගේ පොත් තියෙන තැන කතාව වගේ තොරතුරු දාන්න එපා මේකේ මොකද ලෝකය ගැන ඉගෙන ගන්න ළමයෙකුට මේ බ්ලොග් එක ප්‍රයෝජනවත් වෙන විදියට ලියන්න. රවණා ගේ පොත් තියෙන තැන ගැන කතාව වෙන බ්ලොග් එකක් හදාලා කරන්න ගොඩක් රසවත් වේවි.
සුබ ගමන්....///
මට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි...
එහෙමම කරන්නං එදිරි ...
Deleteපරණ පුරුදු විදිහට ඉක්මනටම එන්නං....
මගේ වචන වලින්ම කියනවා නම් උඹ පිස්සු ශුක්‍රානුවෙක්. උඹ පෙන්නුවේ සෙප්පඩ විජ්ජාවක්.මේ ඔක්කොටම පස්සේ කියාගෙන ආවේ නොනවතින බොරු ගංගාවක්. හැබැයි උඹේ බ්ලොග මුල ඉඳලම කියවපු කෙනෙක් හැටියට මට උඹට ගලක් ගහන්න හිතුනේ නැහැ.උඹ පව් කාරයෙක් වෙන්න පෙර මම කමෙන්ට් කරන්න ගත්ත මහන්සිය ගැන මට දුක හිතුනා. ලියවිල්ල ගැන පමනක් නෙමේ ජීවිතයටත්. තම හෘද සාක්ෂියටත් අවංක වෙයන්. සල්ලි අහිමි උනත් සුන්දර මිනිහෙක් වෙන්න පුලුවන්. තම හිසට තම අතමය වගේම, තමන්ගේ සිතුවිලි පාලනය කල ගත යුතු වන්නේ බුද්ධියෙන්ය. පොරත්වය යනු රෝගයකි. ඔය හැම පොර මානසිකත්වයක් ඇති එවුන් අධික තන්හාබරිත එවුන්ය. මේ හෙලිදරව්ව තුලින් ඔබේ රෝගයට බෙහෙතක් ලැබුනු බව නම් සැබෑය.
ReplyDeleteමේ විනාශය ගැන යමක් ලියන්නට හිතා හිටියත්, එය නවත්වා මගේ අලුත් පෝස්ටුවේ ආරම්භයට ටිකක් එකතුකලා...අවසාන චූටි වාක්‍ය පේලි දෙක ඇඩ් එකක් යැයි කිසිවෙක් නොසිතන්න. කෙටවීම් වලට අහුවෙන්න එප. උඹ වැනිම රෝගීන් තවත් සිටී. අවශ්‍ය බෙහෙත් පමනය. උඹ එය තේරුම් ගැනීම ප්‍රමානවත්ය.
අනිවා අරූ :)
Deleteලෙඩ වලට බෙහෙත් අනිවාර්යයි ... නිවැරදි මාත්‍රාවට ....
හැබැයි බොන එකාටත් වගකීමක් තියෙනව ඕවර් ඩෝස් නොවී බොන්න :)
ඉතින් මම හිතන්නේ මම හරියට කොලා...
මතක තියාගනිං.....බෙහෙත් බොන්නේ ලෙඩේට මිසක්...බෙහෙත් ඕන එකාගේ මාත්‍රාවට නෙමෙයි කියලා.
Delete:)
Deleteඅනිවා , ඕනේ මාත්‍රාව දැන් හම්බ වුනානේ !
මිත්‍රයා , ඔබේ ලිවීමේ හැකියාව අගය කරනවා , ඒ වගේම ඔබේ වරද පිලිගැනීමේ හැකියාව සහ එය නිවැරදි කරගනිමින් දිරිමත්ව ඉදිරියට ඒමේ හැකියාවට ගරු කරනවා , නිර්මාණශීලීත්වය අතින් දිගු ගමනක් යා හැකි ඔබ , ඒ නිවැරදි මඟ ඉදිරියට යන්න .. ඔබට ජය .. !
ReplyDeleteස්තුතියි ඔබතුමාට ,,
Deleteඔබටත් ජය!
සීරීස් එකම කියෙව්වෙ අදයි ඕං! "නියමයි" කියනව හැර යමක් කියන්න නෑ.
ReplyDeleteඅපරාදෙ! මම නං කැමතියි මේක ඇත්තම සංචාරයක් විදියට හිතන්න. උඹට ටිකක් කල්පනා කරන්න තිබුන.........
දැං ඒවයෙන් වැඩක් නෑ. ඊට පස්සෙ?
ඔවු බං , මොනව කොරන්නද :)
Delete"ඊට පස්සෙ" මට තේරුනේ නෑ බං...
තමන්ගෙ භාර්යාව අමුත්තට දෙන සිරිත නම් මහනුවර යුගයෙ අග වෙනකම්ම ලංකාවෙත් තිබිල කියෙනවා.මම නම් ඒක දකින්නෙ ආශාව/ බැදීම අපට වඩා ප්‍රහීන කිරීමක් විදිහටයි.තමන්ගෙ භාර්යාව අමුත්තට දෙන්නත්, අමුත්තා ගියාට පස්සෙ සාමාන්‍ය විදිහට පවුල් කන්නත් පුළුවන් වෙන්නෙ සිරුරට බැදීමක් නැතුව හදවතේ බැදීම විතරක් තියෙන නිසානෙ.එහෙම බැලුවම ඒ මිනිස්සුන්ට අපිට වඩා නිවන ළගයි වගේ.
ReplyDeleteඔව් අසංග අපේ නොක්ස් ලොක්කත් ලියල තිබුනේ ඔය විත්තිය ගැන.
Delete//.තමන්ගෙ භාර්යාව අමුත්තට දෙන්නත්, අමුත්තා ගියාට පස්සෙ සාමාන්‍ය විදිහට පවුල් කන්නත් පුළුවන් වෙන්නෙ සිරුරට බැදීමක් නැතුව හදවතේ බැදීම විතරක් තියෙන නිසානෙ//
ඒ වුනත් මම නං හිතන්නේ නැහැ අසංග හදවතෙන් විතරක් බැඳීමක් තිබුනොත් ඇති කියල. මම කියන්නේ නිවනක් ගැන නෙවෙයි. නමුත් ඔබ ඔබව යම් ආකාරයකට ඈඳගෙන සිතාබලන්න.... මේ ගැන නොක්ස් ලොක්කත් කියලම තිබුන...
හොද ලිපියක් මල්ලි ආයේ පාරක් කියෙවුවා දිගටම ලියන්න
ReplyDeleteස්තුතියි අපුර්වී අක්කෙ... දිගටම ලියන්නම්,,,,
Deleteමාරයාගේ පලහිලව්වෙන් තමා මේක මම දැන ගත්තේ.. එදා පොස්ට් ටික ඔක්කොම කියවලයි නතර වුනේ.. මේක දිගටම ලියන්න... ඔබේ විදියට...
ReplyDeleteඔව් පැතුම් මේක දැන් මගේම විදිහට ලියනව, ඔබට ස්තුතියි...
Deleteසුපිරියි විදුර...
ReplyDeleteස්තුත්යි අයිලාෂ් ....
Deleteඅර පින්තූරෙ ඉන්නෙ අශ්වයො නෙමෙයි. අං දෙකත් පේන්න තියෙන වා. මේ යැක් ගවයන් වැනි සතුන් වර්ගයක්.
ReplyDeleteඔව් ඔබ නිවැරදියි ඇනෝ , ඔබට බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන.....
DeleteOkkoma tika eka digatama kiyeuwa. Mamath kamathi ara mulinma liyala thiyena widihatai.
ReplyDelete