Tuesday, June 28, 2016

පුංචි දඩයක්කාරිය ඇශෝල්පන්

තෙරක් නොපෙනන තුන්ද්‍රාව

සීතලෙන් රතුපාට වුනු කම්මුල් , නරි සමෙන් මසපු තොප්පිය, දකුණතේ පැලපදියම් වී ඉන්න දඩයම් උකුස්සා ඇශෝල්පන් ට එක්කළේ අපූරු චමත්කාරයක්. ඇය තමයි දැනට ලොව වාසය කරන එකම උකුසු දඩයක්කාරිය.
 යන්තම් අවුරුදු දාහතරක් වයස ඇය, ඇගේ සමවයසේ පිරිමි ළමයින් හට ලජ්ජා හිතෙන තරමේ දක්ෂතා වලින් පිරුණු තැනැත්තියක්. තම උකුස්සාත් රැගෙන ඈත තුන්ද්‍රා වල කරක්ගසන්නට පුරුදු වී සිටින ඇය, හවසට ගෙදර එන්නේ වැලි මීයෙක් එහෙමත් නැත්නම් පුංචි ක්ෂීරපායී සතෙක් පැත්තෙන් එල්ලාගෙන.
අවුරුදු දාහතරක පුංචි දැරිවියකගේ ජීවිතය මේ අකාරයෙන් ගෙවීම ගැන රස්තියාදුකාරයාගේ මනසට ඇති කලේ අමුතු හැඟීමක්. නමුත් ඇශෝල්පන් නම් ඉන්නේ ඇගේ ජීවිතය ගැන උපරිම තෘප්තියකින්.

"මං ආසයි අස්සයගේ පිටේ යනගමන් මගේ උකුස්සාට මගේ පියා කියාදුන්නු කතා කියාදෙන්න, මට හිතෙනව උට ඒව තේරෙනවා ඇති කියල. මම මගෙ තාත්ත ට ඇරුනම වැඩිපුරම ආදරේ මගෙ අම්මටයි ආච්චිටයි මගෙ මේ උකුසු පැටියටයි. "
පුංචි ඇශෝල්පන්

පුංචි ඇශෝල්පන් නිහඬ තෙරක් නොපෙනෙන තුන්ද්‍රවට පෙම් කරන්න අරං දැනට යන්තම් අවුරුද්දක්. උදෑසන  තුන්ද්‍රවේ සීතලෙන් මිරිකුණු කූඩාරමක ගුලිවෙලා නිදන් සිටින ඇශෝල්පන් ඇයගේ මව විසින් අවදි කරවනව. සම වයසේ සිටින  ඕනෑම දරුවෙක් මෙන් කම්මැලි ඈ ගේ සුදානම තවත්  පොරෝනය තුලට වී නිදිලොවට දිවයාමට. නමුත් ඇගේ මවගෙන් නම් බුරුලක් නැතිපාටයි.
කුඩාරම මධ්‍යයේ තිබෙන බොයිලේරුව ලඟට යන ඇශෝල්පන් ගිනි තපිමින් ඉන්න ඇගේ පියාට  හවුල් වෙනව. ළඟදීම පැමිණෙන ශීත කාලය වෙනුවෙන් අහාර රැස්කිරීම ගැන දෙදෙනා අතර නොදැනුවත්වම  දිගු කතාවක් ඇතිවෙනව.

ඇගේ පියාගේ බලාපොරොත්තුව තුන්ද්‍රවේ නැගෙනහිර දෙසට දින කිහිපයක් දඩයමේ යාමට. ඇශෝල්පන් ගේ දෑස දීප්තිමත්. ඇය දිගු කාලයක් තිස්සේ හීන මැව්ව දිගු දඩයම් චාරිකාවට දින එළැඹිලා!.
ඇශෝල්පන් තම පියා සමගින් දිගු දඩයම් චාරිකාවට සුදානම් වෙනව, ඔවුන් දින පහක් තුන්ද්‍රාව ඔස්සේ දඩයමේ යාමට නියමිතයි.

ඇශෝල්පන් ගේ පියා තමන් සතු දක්ෂම උකුස්සාව මේද අඩංගු අහාර වලින් සංතෘප්ත කරවනව.  වෙනදාට බරප්පතලක් නොමැතිව කෑම කන  උකුස්සාට දැන් පැවරී තිබෙන වගකීම  වැටහිලා වගෙයි!  ...

අංශක බින්දුව  ආසන්නයේ පවතින උෂ්ණත්වයක් යටතේ දඩයම් කිරීම ඉතා අපහසු කාර්යයක්. ශරීරයේ ශක්තිය, අභ්‍යන්තරය උණුසුම්ව තබාගැනීමට වැයවන හේතුව නිසාවෙන් දඩයක්කරුවන් ඉක්මනින්ම වෙහෙසට පත්වෙනව, මේ නිසාම ඇශෝල්පන් ගේ මව, ඇශෝල්පන්  දඩයමේ රැගෙන යාම ගැන සිටින්නේ තරමක  බියකින්. නමුත් ඇගේ එකම සැනසීම වන ඇශෝල්පන් ගේ පියා නිසාවෙන් ඇගේ බිය, නිසල තුන්ද්‍රාවේ ඈතට පාවී යනව.

කාන්තාරයේ වැලිකුණාටු ඇතිවනවාක් මෙන්ම මේ පළාතේ හිම කුණාටු ඇති වීම අරුමයක් නොවන නිසා  ඇශෝල්පන්ගේ පියා ඈත නැගෙනහිර කාලගුණය ගැන මනාව විමසිල්ලෙන් සිටිනව,
දින පහකට ප්‍රමාණවත් ආහාර , නරි හමෙන් නිමකරපු කබා , උකුස්සාට කැවීමට මේද කුට්ටියක් , අහාර පිසින භාජන , දර කැබලි මේ හැමදේම වෙනම අශ්වයෙකුගේ පිටේ එල්වනව. ඔවුන් රාත්‍රිය ගත කරන ගල්ගුහා අසල දිය උල්පත් තිබෙන නිසා විශාල බරකින් අමතර අශ්වයා නිදහස්.

මේ දිනවල ඇශෝල්පන් සිටින්නේ අමුතුම සතුටකින්, ඇගේ නොයිවසිල්ල ඇගේ ආත්අම්මාටත් දකින්න ලැබී ඇති හැඩයි.

" ඇශෝල්පන් ගේ තාත්තත් ඔය වගේම තමයි පුංචි සන්නියේදී. දිග දඩයම් දවස් කියන්නෙ එයාට ඇඟිලි ගනිමින් බලං ඉන්න කාරණයක්. ඒ කාලේ අපිත් ඇශෝල්පන් ගේ අම්ම වගේ , හිතේ ගින්දරක් තියන් ජිවත් උනේ දඩයමේ ගිය කාලෙට. දැන් අපි නාකි උනාට ඒ දවස් වල හොඳට දුවල පැනල එයාලට පහසුවෙන් දඩයමේ යන්න ඕනේ කලමනා ටික හදල දුන්න, මට ආඩම්බරයි මගෙ මිනිබිරී ගැන, මේ ලෝකෙටම ඉන්නෙ එක්කෙනයි කියන්නෙ පොඩි දෙයක් නෙවේනෙ. අනික දැන් ඉන්න කොල්ලොත් එක්ක බැලුවහම ඒකි කොච්චර ආඩම්බර වෙන්න ඕනෙද.මට ආස කවද හරි මං ජිවත් වෙලා හිටියොත් , මගෙ කෙල්ල , එයැයිගෙ තාත්ත වගේ දිග දඩයම් චාරිකාවක් යනවා දකින්න. "

කෙමෙන් කෙමෙන් චාරිකාවට දින ලං වෙනව. ඇශෝල්පන් ගේ මව දඩයක්කරුවන් දෙදෙනා නොපෙනී යන තුරු හිතේ සාංකාවකින් බලාන ඉන්නව.


පළමුවන දඩයම් දිනය

ඇශෝල්පන් හා ඇගේ පියාගේ පළමු ගමනාන්තය අල්තායි කඳුවැටියෙන් නැගෙනහිරට වෙන්නට කන්ද තුල පිහිටා තිබෙන ගුහාවක් වෙතට. විශාල ප්‍රමාණයේ කඳුකර මුගටින්ට(Mountain Weasel) ප්‍රසිද්ධ මේ ප්‍රදේශය තුලින් සැලකිය යුතු දඩයම් ප්‍රමාණයක් කරගැනීම තමයි ඔවුන්ගේ අරමුණ.
කඳුකර මුගටියෙක්


නැගෙනහිරට කිලෝමීටර් 50ක පමණ  දිගු ගමනකින් පසුව, ගුහාවට පැමිණෙන ඇශෝල්පනුත් ඇගේ පියාත් කෙටි විවේකයක් ගැනීමට සැරසෙනව. ඇශෝල්පන් ට ඇගේ පියාගෙන් උත්තර සොයා දැනගත යුතු ප්‍රශ්න ගණනාවක් තිබෙනව වගෙයි.

" තාත්තේ අර ගුහාවේ ඇඳලා තියෙන්නෙ මොනවද?" කුතුහලයකින් යුතුව ඇශෝල්පන් විමසන්නට වුණා.
"ඒ  දුව  අපේ මුතුන්මිත්තන්ගේ කළා නිර්මාණ. එයාල මේ පළාතේ දඩයමේ ඇවිත් වෙහෙස නිවාගන්න ඇඳපුව.
"

ගුහා චිත්‍ර

ආදී කසාක්ස්ථාන ජනයා දඩයම මගින් තම බඩගිනි නිවාගත්  සංචාරක ජීවන රටාවකට හුරුවුණු ජනතාවක්. පසුකලකදී කුඩාරම් ගසා අශ්වයින් බැටළුවන් වැනි සතුන් ඇති කිරීමට වගේම අර්ධ සංචාරක දිවිපෙවෙතකට හුරුවුණු ඇශෝල්පන් ගේ පියාගේ පරම්පරාව, කසාක් වරුන්ගේ ජීවන විවිධත්වය පෙන්නුම් කරන අපූරු උදාහරණයක්.

"අපි දඩයම් ජිවිතයට කැමැතියි. ඒක අපේ මුතුන්මිත්තෝ අපිට දුන් දේවල්. මේ එයාලගේ දැනුම. ඔවුන් කරුණාවන්ත නිසා තමයි අද අපි අපේ බඩගින්න් නිවගන්නෙත්.  ඔවුන් අපිට කියල දුන්න උකුස්සොත් එක්ක කතා කරන විදිය. උන්ව පුරුදු කරන විදිය,අපි ඔවුන්ට ණයගැතියි ඒ දැනුම ලබාදුන්නට......''



-මතු සම්බන්ධයි

11 comments:

  1. ඉතාම ලස්සනයි. මට මතක් වුනේ ලෝරා ඉංග්ල්ස් වයිල්ඩර් ගේ කතා මතක් වුණා.

    ReplyDelete
  2. ඉතාම ලස්සනයි. මට ලෝරා ඉංග්ල්ස් වයිල්ඩර් ගේ කතා මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. @hobo
      ඉස්තෝතුයි අලේ 😺😺😺
      මාත් හරි ආසයි ලිට්ල් හවුස් සීරිස් එකට !!!!

      Delete
  3. ඇත්තෙන්ම වැලි මීයෝ කියලා ජාතියක් ඉන්නවද බං? මම හිතං හිටියේ අර සීයා විට කොටන විට වැලි කන මීයා වැලි මීයා කියලා විතරයි

    ReplyDelete
    Replies
    1. /*මම හිතං හිටියේ අර සීයා විට කොටන විට වැලි කන මීයා වැලි මීයා කියලා විතරයි*/
      හෙහ් හෙහ් ඒ කාලේ අපිට පුදුම එව්ව නේ වැඩිහිටියෝ කියොල දුන්නෙ..
      ඉන්නව බං මියර් කැට් ල කියල තමයි කියන්නෙ. තනිකරම ලොකු පවුලක් ඉන්නව ඔය සත්තු වර්ගෙ....

      Delete
  4. ඔය හිම අස්සේ දඩයම් කරන්න තරම් දේවල් තියෙනවාද බං.?

    ReplyDelete
    Replies
    1. තියෙනවලු බං , ඒත් හරි අඩුයි ලු ඉතින්. ගොඩක් දුරට ඉන්නෙ නරි, මීයෝ වගේ පොඩි පොඩි ක්ෂීරපායි සත්තු....

      Delete
  5. ඔය අරන් යන අශ්වයො ඔය කාලගුණය අස්සෙ ගමනට ඔරොත්තු දෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙ ඉන්න අස්සයින්ට බං ඔය දේශගුනේ අල්ලල යනවලු. ඒත් ඉතින් එක දිගට දුර ගමන් යන්න ටිකක් අමරුලු. අස්සයෝ හති වැටෙනවා ලු

      Delete
  6. nuwara eliye gihilath apita inna ba kohomada me hime dadayam karanne

    ReplyDelete

කරුණාකර ගැටළුවක් මතුවුවහොත් මේ සමග ඇති මුලාශ්‍ර භාවිතා කරන්න...