Thursday, June 23, 2016

අල්තායි සහ කුරුමිට්ටෝ (1 කොටස)

ල්තායි කඳුවැටිය ආසියාවේ හදවත වගේ. ඇය සුන්දර ස්ටෙප්ස් තෘණ භුමි කාන්තාර ටයිගා වනාන්තර මේ හැමදෙයක් ම දරාගෙන බොහොම ප්‍රතාපවත් විදිහට නැගීසිටිනව. පැරණි තුර්කි වගේම මොන්ගෝලියන් මිනිසුන් ඇයට වශී වෙලා වෙන්න ඇති ස්වර්ණමය කඳුවැටිය විදිහට නම් කරන්නත් ඇත්තෙ.

 අදටත් අල්තායි සැලකෙන්නේ ලෝකයේ නොකිලිටි ස්වභාවික පරිසර පද්ධතියක් විදිහට. එහෙම උනත් අද මිනිසුන් පරිසරයට කරන විනාශය දැක්කම, රස්තියාදුකාරයාට වෙලාවකට පුදුමයකුත් ඇතිවෙනව. සමහරක් විට ඒකට හේතුව අඩු ජනගහණ ඝනත්වය වෙන්නත් ඇති. ඒ කොහොම වුනත් ඇගේ නොවෙනස්වන සුළු ස්වභාවය ඇත්තටම පුදුම සහගතයි!.

රස්තියාදුකාරයා මේ පළාත ගැන සොයාගත් විස්තර වල හැටියට, මේ පළාත සංස්කෘතිමය වශයෙන් බොහොම ඉපැරණි යුගයක් දක්වා විහිදී යන බව දැනගන්න  ලැබුණ.ඒ අතර වැඩියෙන්ම වැදගත් වුනේ අල්තායි පලාතට මීට වසර මිලියනයකට පමණ පෙර මිනිසුන් පැමිණ ජනාවාස කර තිබීම. අපූරු පරිසරයක් වුවත් ඔවුන්  ජිවත් ජිවත් වීමට විශාල සටනක් ගෙනියන්න ඇති. රස්තියාදුකාරයා දැකපු විදිහට මේ අවුරුදු මිලියනයක කාලසීමාව තුල මේ හේතුව නිසාම ඔවුන් තුල විශාල විපර්‍යාස  ඇතිවෙන්න පටන් අරන්.  උදාහරණ විදිහට දීර්ඝකාලින ජානමය විපර්යාස වගේම පෙනහළු ආශ්‍රිත වෙනස්කම් හඳුන්වා දෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් මිනිසුන්ට අඩු ඔක්සිජන් තත්ත්ව යටතේ ජීවත් වීම ඉතා අපහසු කාර්යයක්. ඒත් මේ අපූරු කඳුකර මිනිසුන් අඩු හිමොග්ලොබින් (රුධිරයේ ඔක්සිජන් පරිවහනය වීම වෙනුවෙන් පෙනී සිටින රසායනික සංකීර්ණයක්)   මට්ටම්  යටතේ ජීවත් වීමට අනුවර්තනය වෙලා තිබෙනව. ඒ වගේම පෙනහළු වල සිදුවුණු පරිමාවේ වැඩිවීම් නිසා ඔවුන්ට පහසුවෙන් ගැටළුවකින් තොරව ආශ්වාස කිරීමට හැකියාව ලබා දී තිබෙනව.

අල්තායි සහ ඇගේ දරුවන්

රස්තියාදුකාරයා කසාක්ස්ථාන අල්තායි සංචාරයේදී  ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වුනේ අල්තායි කඳුවැටියේ දරුවන් හමුවීම. ඔවුන් අපූරු මිනිසුන් කොට්ටාශයක්. නරි හමෙන් නිමකරපු ඇඳුම් ඇඳගත් ඔවුන්ගේ උරහිසේ වසා සිටින්නේ විශාල ප්‍රමාණයේ උකුස්සෙක්. මේ තමයි  අවුරුදු දහස් ගණනක් තිස්සේ හවුලේ බඩගිනි නිවාගත් අල්තායි දඩයක්කරුවන්ගේ දඩයම් සහකරු.

උකුස්සන් ගැන මීට පෙර පළ වූ සටහන


රස්තියාදුකාර දේශාටනය - අල්තායි කඳු හරහා 
අල්තායි කියන්නෙ මැදි නැගෙනහිර ආසියාවේ සිට විහිදෙන කඳුවැටියක්. මේ  කඳුවැටිය රුසියාව චීනය මොන්ගෝලියාව සහ කසාක්ස්ථානය හරහා ගමන් කරනව.අමාරුවෙන් අහස් ගව්ව සිපග...
 
දැනට මේ උකුසු දඩයක්කරුවන් මුළු ලෝකයටම ඉතුරු  වී සිටින්නෙ හැත්තෑවක් පමණ ප්‍රමානයක්. එයිනුත් මොවුන් කසාක්ස්ථාන සහ කිර්ගිස්ථාන කාලාපයට පමණක් සීමා වී තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යනව.
මේ චාරිකාවෙදි රස්තියාදුකාරයාගේ මූලික අරමුණ වුනේ උකුසු දඩයක්කරුවන් අතර පුරාවෘත්තයක් ලෙසින් හැඳින්වෙන දඩයක්කරුවෙක් සහ එකම දඩයක්කාර කාන්තාව වන ඔහුගේ දුවණිය ඇශෝල්පන් හමුවීම.
ඔහු හැඩිදැඩි පුද්ගලයෙක්.අශ්වයාගේ රේන්ස් පටිය තනි අතින් අල්ලාගෙන අනෙක් අතේ උකුස්සාව තබාගෙන පිම්මේ තමන්ගේ අශ්වයාව දැක්කීමට ඔහු අති දක්ෂයෙක්. සීත කාලයට ඇඳුම් නිර්මාණයට අලුත් නරියෙක් නැතිනම් වැලි මීයෙක් දඩයම් කිරීමට ඇශෝල්පන් ගේ පියා උදේම පිටත් වී යනවා. ඔහුගේ අරමුණ ඉක්මන් දඩයමක්. නමුත් තෙරක් නොපෙනෙන තුන්ද්‍රවේ දඩයමක් සෙවීම පහසු දෙයක් නෙවෙයි.එමනිසා ඇශෝල්පන් ගේ පියා දඩයමක ඉඟියක් ලබාගන්න පුංචි කඳුගැටයක් මුදුනට නගින්න තීරණය කරනව.
ඇශෝල්පන් ගේ පියා

ඔහුගේ උකුස්සා සුදානමින්. ඇශෝල්පන් ගේ පියා ගේ තියුණු දෑස් ඈත සැඟවෙමින් ගමන් කරන නරියෙකුගේ සේයාව දකිනව. ඇසිල්ලකින් ඔහු තම උකුස්සාව ඉහලට මුදාහරිනව. ඒ ඔහුට හා උකුස්සාටම අනන්‍ය වුනු විසිල් හඬක් සමගින්. ක්ෂණිකව ඉහල නැගි උකුස්සා තම දඩයම හඳුනාගෙන ඇසිල්ලකින් දඩයම මතට පතිත වෙනව. ඒ තම වක් වූ තියුණු නිය විහිදාගෙන.
විනාඩි කිහිපයක් පවතින සටනකින් පසුව උකුස්සා ජයලබනව.

උකුස්සා මොවුන්ට දරුවෙක් වගේ!

ඇශෝල්පන් ගේ පියා  තමන්ගෙ අපූරු සහයකයා වෙනුවෙන් දඩයමේ හොඳම කොටස විදිහට ඔවුන් සලකන සතාගේ පෙනහළු කොටස තමන් විසින්ම උකුස්සාට කැවීම සිදුකරනව. සාර්ථක දඩයමකින් පසුව ඔහු උකුස්සාත් අතේ තබාගෙන, අශ්වයාගේ පසෙකින් එල්ලාගත් දඩයමත් රැගෙන, තමන්ගේ නිවස වෙත පැමිණෙනව.

හම ගැලවූ නරියන් 

දඩයමේ හොඳම කොටස විදිහට ඔවුන් සලකන සතාගේ පෙනහළු කොටස...


අපූරු මිනිසා

එය සීතලෙන් පිරුණු දිනයක්. වෘත්තාකාර කූඩාරමක, උණුසුම් සුප් පානයක් සමඟ ඇශෝල්පන් ගේ පියාත් තවත් දඩයක්කරුවන් දෙදෙනෙක් රස්තියාදුකාරයා සමඟ පිළිසඳරට එක් වුණා.
ඔවුන්ගේ දැනට ජිවත් වෙන නියම දඩයක්කරුවන් හැත්තෑවක් පමණ සිටිනව. ඒ අතරින්  බොහෝ දෙනෙක් වයසක උදවිය. මේ අපූරු මිනිසුන් චිරාගත සම්ප්‍රදායක් ලෙස තමන්ගේ පුත්‍රයාට(කලාතුරකින් දුවණියට) තමන් ලබාගත් රහසිගත දැනුම ලබාදීම සිදුකරනව.
"
අපිට ඉන්න එකම සැනසීම අපේ දරුවන්. ඔවුන් අපේ දැනුම ඉදිරියට ගෙනියනව.ඒ හැම දෙකටම අපි ඔවුන්ව පුහුණු කරලා සුදානම් කරවනව. මේ සත්තු අපගේම දරුවන් වගේ. අපේ බිරින්දෑවරු දන්නව ඔවුන්ට වඩා අපි අපේ සත්තුන්ට ආදරේ වග..."

ඔවුන් ඔවුන්ගේ දරුවන්ට අවුරුදු දහයක් පමණ වූ විට, උකුස්සන් පුරුදු පුහුණු කරවීම සඳහා රැගෙන යනව.
"
අපි අපේ දරුවන්ට ඔවුන්ටම කියල උකුස්සෙක් ලබාදෙනව,ඔවුන් මේ වෙනුවෙන් ප්‍රපාතයක ඉදි කරලා තිබෙන උකුසු කූඩුවකින්උකුසු පැටවෙක් ලබාගත යුතුයි.මේක කරන්න අපි අපේ දරුවන් කඹයකින් ගැටගහල උකුසු කූඩුව වෙත ප්‍රවේසමෙන් පාත්කරනව.ඒක භයානකයි තමයි. ඒත් ඔවුන් ඔවුන්ගේ ජීවිකාව සලසාගත යුතුයි. අපි වගේ තුන්ද්‍රාවෙ නිදහසේ ඇවිදයාමට ඉගෙනගත යුතුයි..."

නමුත් එය ඔවුන්ගේ මතය වුවත් වර්තමානයේ දරුවන් ඔවුන්ගේ අපූරු ශාස්ත්‍රය ඉගෙනගැනීම ප්‍රතික්ෂේප කරන බවක් ඔවුන් බොහොම දුකකින් යුතුව පවසන්නට වුණා.
         
"
දැන් කාලයේ දරුවන්ට උවමනා කරල තියෙන්නෙ කලිසමක් ඇඳන් නගරයට යන්න. ඔවුන් සින්දු අහන්න, සල්ලි හොයන්න බොහොම ආසයි. මේ දඩයම ශීතල මැද්දේ හුදකලාවේ තමයි කරන්නෙ. අපේ දරුවන්ට ඕනේ අලුත් දේවල්. ඔවුන්ට මේවයේ අගයක් නැහැ. එයාල කැමති උලාන්බටෝර්(මොන්ගෝලියාවේ අගනුවර) නැත්නං කසාක්ස්ථානයට එහෙමත් නැත්නං රුසියාවට යන්න..."


-මතු සම්බන්ධයි



6 comments:

  1. ලෝකේ අලුත් වෙනකොට කවුද බං කැමති තමන්ගේ සංස්කෘතිය කියලා ලිඳ ඇතුලෙම ඉන්න.උන් අලුත් ලෝකය හොයා ගෙන යන එක අරුමයක් නෙමේ.කොහොම වෙතත් අල්තායි කඳු අස්සේ අපිව ආයෙමත් එක්ක ගියාට තුති උඹට.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒක ඇත්ත අලුත් සංස්කෘතියක ජිවත් වෙන අපිට ඕව පට්ට උනාට , ඇත්තට ජිවත් වෙද්දී පට්ට චාටර් ඇති ... ලොවෙත් මචං 🙆 🙋 🙆 🙋

      Delete
  2. මම යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් නෙවෙයි ප්‍රශ්ණයක් අහන්න හිතුවා.
    මේවගෙ කඳුකරවල උඹට පේනවද අර පයිනස් වර්ගයේ ශාක වැවිලා තියෙනවා. එතකොට අපේ කඳුකරයේ පයිනස් වගාව නිසා ජලමූලාශ්‍ර හි‍ඳෙනවය, පස සෝදායනවය කියලා දැවැන්ත හාහූවක් තියෙනවනෙ. ඒ ප්‍රශ්නෙ ඔය ස්වබාවිකවම ඒ වර්ගයේ ගස් වැවෙන කඳුවල දකින්න තීයෙනවද, නැද්ද, නැතිනම් ඒ මොකද?

    ReplyDelete
    Replies
    1. හරි වැඩක් නෙ බං උඹ කැමති ඕනේ දෙයක් අහපං 🙅🏽 🙆🏽 🙅🏽 🙆🏽 ...
      උඹ කිව්වත් වගේ මං හොයල බැලුව පොඩ්ඩක් ඔය ගැන. උඹට පේනවා ඇතිනෙ බං ඔය පින්තූරෙයි වැහි වන්තරයක් තියෙන පින්තූරෙකයි වෙනස. පයිනස් ගස් බොහොම පිලිවලට යටි වගාවක් නැතිව වැවිල තියෙනව. නුවර එලි පැත්ත මතකද උඹට.. ඒත් වැහි වනාන්තර වල යටි වගාවක් එක්ක පට්ට තරඟයක් තියෙනව පැලෑටි වැවෙන්න. පයිනස් කැලෑ වල 99% ම වැවෙන්නේ පයිනස් ගස් , ඒ කියන්නෙ ඒ පරිසරේ පෝෂණය තියෙන්නෙ ගොඩක් දුරට පයිනස් වලට විතරයි ඉතින්. යටි වගාවක් නැති නිසා පස නං කොහොමත් හේදෙනව මචං.. වතුර ගැන කිව්වොත් පයිනස් ගොඩක් දුරට තුන්ද්‍රා වල වැවෙන ගස්. තුන්ද්‍රා කියන්නෙ වියලි දේශගුණයක් ඒත් පට්ට සීතයි. එහෙම එකකට හුරු උණු ගස් මං හිතන්නේ සැහෙන්න වතුර ගබඩා කරගන්නවා ඇති කියල. තව දෙයක් හිතෙනව මිනිස්සු ඔය කතාව කියන්නෙ අර යටිරෝපනය නැති නිසා වියලි පසක් තියෙන හින්ද ද දන්නෙත් නෑ,,,

      Delete
  3. නියම විස්තරේ නෙ.
    අර කිවුවත් වගේ අලුතෙන් හැදෙන පරම්පරාව කැමතිවෙයිද උකුස්සෙක් කරේ තියාගෙන නරි දඩයං කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉස්තෝතුයි ප්‍රසන්න ☺️☺️☺️

      ඔව් ඒක නං සහතික ඇත්ත , උන්ට ඔව්ව එපා වෙලා ඇති අපිට මැජික් උනාට .... ☺️☺️☺️☺️

      Delete

කරුණාකර ගැටළුවක් මතුවුවහොත් මේ සමග ඇති මුලාශ්‍ර භාවිතා කරන්න...