Skip to main content

Posts

“ට්‍රන්සිබ්” සහ නේවාසික පුරවැසියෝ.

“පු ෂ්කින්ගේ” අවන්හලේ රස අහාර , මොස්කව් රාත්‍රී සිසිලස මේ හැම දෙයක්ම නිකන් හීනයක් වගේ. කාලෙකින් උදේ පාන්දර නැගිටලා පුරුදු නැති මම පහුවදා නැගිටිනකොට වෙනද වගේම අට පහුවෙලා. එත් ඉතින් මගේ නවතැන බාර “බාබුෂ්කට” (ආච්චි) පින්සිද්ද වෙන්න. යුරල් බලායන දුම්රිය උදේ නමයට මොස්කව් වලට එන නිසා මම සැහෙන්න වාසනාවන්තයි. උවමනා දේවල් කලින්ම ලෑස්ති කරපු නිසා වෙලාව ගැන වැඩි ප්‍රශ්නයක් වුනේ නැහැ. “බබුෂ්ක” හදල දුන්නු කෑම ටික කාල ඇයට ස්තුති කරලා හැකි ඉක්මනින් නවාතැනෙන් සමුගත්තේ ටැක්සියක් හොයාගන්න බලාපොරොත්තුවක් ඇතිව. මොස්කව් නැවතුම  කොහොම හරි වැඩි ගැටළුවක් නැතිවම ටැක්සියකටත් ගොඩවුනා.ඇත්තටම රුසියානු ටැක්සි රියදුරන් ඉංගිරීසි දන්නවා අඩුයි. ටැක්සියකට ගොඩවුණු ගමන් කටපාඩම් කරගෙන ඉන්න ටික අතාරිනවා. “Hawulo My name is Alek” ඩ්‍රයිවර් මහත්තය හිනාවෙමින් එයාව හඳුන්වල දුන්න. වැඩිය හිතල මතල නොවුනත් මගේ කටින් Yeshchyo? (වෙන මුකුත් නැද්ද?) කියල පිට වුනා. ඇත්තටම ඒ මොහොතේ මට හිතුනේ ඔහුගේ රතුකට්ට පනීවි කියල. එත් මගේ වාසනාවට ඔහු නිවුණු පුද්ගලයෙක්. අයිමත් හිනහ වෙමින් Ya zanaiyu kid (f**u kid !) කියල පවසන්න තරම් ඔහු...

සුන්දර සයිබිරීයාවට පිවිසීම

න වාතැනේ මිතුරන්ගෙන් සමු අරගෙන මම සයිබීරියාවට එන්න හිතුව. “එත් සයිබිරීයාව කියන්නෙ ආධුනිකයන්ට නපුරක් වෙන්න හොඳටම ඉඩකඩ වැඩි තැනක් ” කියල කෙක් මහත්තය මගේ අදහසට නිතරම දුන්නු පිළිතුර නිසා මම මගේ ගමන සැලසුමක් ඇතිව ඉදිරියට ගෙනාව. මම මගේ නවාතැනෙන් පිටත් වෙලා මුලින්ම ආවේ රුසියාවේ මොස්කව් නුවරට . ඇත්තටම පුදුම හිතෙන නගරයක්.මිට කිලින් හැබැහින් නොදැකපු රතු චතුරස්‍රය හරියටම දැකබලාගන්න එදා පුළුවන් වුනා. සමාජවාදයේ සිහිවටන , රුසියානු චින්තනය , සාහිත්‍යය ; මේ හැම දෙයකම හරිම අපුරු අර්ථයක් ගැබ් වෙලා තියෙනව.  මම පුද්ගලිකව නම් නාගරික පරිසරය ප්‍රතික්ෂේප කරන කෙනෙක්  වුනත් , ඇත්තටම මොස්කව් සුන්දර කිරිල්ලියක්. සුන්දර මොස්කව්  මගේ ගමනට වුවමනා කළමනා එකතු කරගන්න එක තමා මම මොස්කව් වලට එන්න ආසන්නම හේතුව. කෙළවරක් නැති විඩාව නිසා මොස්කව් වලට සැපත් වුනු දවසෙම ඇතිවෙන්න නිදාගත්ත. පහුවදා , ඒ කියන්නේ 2011 අවුරුද්දෙ මාර්තු 8 වෙනිදා මම මගේ ගමනට වුවමනා කළමනා ටික එකතු කරගන්න සාප්පු සවාරියක් යන්න හිතුව. මම ගියේ කොර්කුනොව් කියන විදියේ පිහිටලා තියෙන ගමන් බඩු විකුණන කඩේකට.  මගේ වෙලාවට කඩේ අයිතික...

මගේ ඩොලර් 10 යේ මොටෙල් කැලිෆෝර්නියා කාමරය

හවස 5:30 ට මොන්ගෝලියාවේ බලගන් නුවර පුංචි අවන්හලක් තුල සිට ලියමි ... මගේ කාමරය  “Hotel” , “Motel”   ගොඩක් අයට ප්‍රශ්නයක්‌ තියෙන වචන දෙකක්. ඇත්තටම හෝටලයක් කියන්නේ නවාතැන් පහසුකම් ගොඩක් සපයල තියෙන තැනක් , එත් මොටෙලයක් කියන්නෙ තනි කාමරයකට ; ගොඩක් වෙලාවට ඇටෑච් බාත්රූම් එකකුත් තියෙනව. හොටෙල් කරිෆොර්නියා කියන්නේ ඇමරිකාවේ සුපිරි හෝටලයක්. එත් මගේ පුංචි කාමරය තියෙන මොටෙල් කැලිෆෝර්නියා තියෙන්නේ හංගේරියාවේ බුඩාපෙස්ට් කියන නගරෙ පුංචි වීදියක. මොටෙල් කැලිෆෝර්නියා කියන්නේ ඇත්තටම පරණ තාලේ ගෙයක්. කාමර 5යි , කාමර වලටම සම්බන්ධ කරපු නාන කාමර 5යි , පොදු සාලයක් වගේම පොදු කුස්සියක් තියෙන තැනක්. කුලිය මාසෙකට ඩොලර් 10යි.(රුපියල්1000යි !!) එහෙ මගෙත් එක්ක මරු කට්ටියක් ජිවත් වුනා.පැපුවා නිව්ගිනියා වල තතී, ජර්මනියේ එබර්හාඩ් කෙක් යුවල , ඔස්ට්‍රියාවේ ගලියනා තබනෙවා එක්ක රුසියාවෙ ජුලියා අනන්ජිවා. තතී ඇත්තටම පිස්සෙක් , මිනිහගෙ   මරු නැටිලි ටිකක් තියෙනවා. වැඩකරන්නේ නගර සභාවේ. ගලියාන ටිකක් සෙක්සි කෙනෙක්. හැබැයි එයට ඉතින් කොල්ලෙක් එහෙම කාරිය ඉන්නව. වැඩකරන්නේ එරික්සන් ටෙලි කොමියුනිකේශන් ...

හන්ගේරියාවෙන් සයිබීරියාවට

පාවෙක් හි නෝමැඩ් දරුවෙක් (ස්තුතිය ජුලියා අනන්ජිවා ට Спасибо за Джулией ananjiwa ) ම්නිස්සුන්ගෙ ජිවිතේ කියන්නෙ මහ පුදුම එකක්. මිනිස්සුන්ගෙ ජිවිතේ ගෙවෙන විදිහට, මිනිස්සු අතරෙ තියෙන වෙනස්කම් ගැන ටිකක් විමසිලිමත් වුනොත් ඇත්තටම කෙනෙක්ට පුදුමයක් දැනෙන එකත් පුදුමයක් නෙවෙයි. මම මෙහෙ බ්ලොග් ලියනව , තව සමහරු රස්සා කරනව , තවත් සමහරු නිදාගන්නව , තවත් අය ඔහේ බලගත්ත අත බලන් ඉන්නව. ඇත්තටම මිනිස් සමාජය හරිම පුදුමයි. මම දකින විදිහට අපේ සමජය ඇතුලෙ මෙ වගේ විවිදත්වයක් තියෙන්න ප්‍රධානම හේතුව තමයි එක තැනකට සංකේන්ද්‍රගත වුනු ජන සමජය. ඇත්තටම ඒකට ජන ඝණත්වයේ බලපෑමක් තියෙන්නත් පුලුවන්. මොකද , ශ්‍රී ලංකාව කියන්නෙ ව.කි.මී 1 කට 250 ක විතර ඉන්න රටක්. සරලව කිව්වොත් ලංකාවෙ මිලියන 20 ක් විතර මිනිස්සු ඉන්නව. ලංකාවෙ ඉන්න මිලියන 20 ම ( ආසන්නව ) ඕස්ට්‍රේලියාවෙ ඉන්නව. ඒත් ඕස්ට්‍රේලියාව ලංකාව වගේ විසිගුනයක් විතර විශලයි. ඒක නිසා ඇත්තටම ගත්තොත් ඒ රටේ තියෙන තියෙන විශාලත්වය නිස ජන ඝනත්වය අඩු වෙලා සමාජය පුංචි පුංචි ඒකක විදිහට පවතින්න ඕනි. අත්තටම මම මේ කියන දේ ඕස්ට්‍රේලියාවට ප්‍රායෝගික නැහැ. ඒකට හේතුව ඕස්ට්‍රේලියවෙ වෙරළබ...