තෙරක් නොපෙනන තුන්ද්‍රාව සීතලෙන් රතුපාට වුනු කම්මුල් , නරි සමෙන් මසපු තොප්පිය, දකුණතේ පැලපදියම් වී ඉන්න දඩයම් උකුස්සා ඇශෝල්පන් ට එක්කළේ අපූරු චමත්කාරයක්. ඇය තමයි දැනට ලොව වාසය කරන එකම උකුසු දඩයක්කාරිය. යන්තම් අවුරුදු දාහතරක් වයස ඇය, ඇගේ සමවයසේ පිරිමි ළමයින් හට ලජ්ජා හිතෙන තරමේ දක්ෂතා වලින් පිරුණු තැනැත්තියක්. තම උකුස්සාත් රැගෙන ඈත තුන්ද්‍රා වල කරක්ගසන්නට පුරුදු වී සිටින ඇය, හවසට ගෙදර එන්නේ වැලි මීයෙක් එහෙමත් නැත්නම් පුංචි ක්ෂීරපායී සතෙක් පැත්තෙන් එල්ලාගෙන. අවුරුදු දාහතරක පුංචි දැරිවියකගේ ජීවිතය මේ අකාරයෙන් ගෙවීම ගැන රස්තියාදුකාරයාගේ මනසට ඇති කලේ අමුතු හැඟීමක්. නමුත් ඇශෝල්පන් නම් ඉන්නේ ඇගේ ජීවිතය ගැන උපරිම තෘප්තියකින්. "මං ආසයි අස්සයගේ පිටේ යනගමන් මගේ උකුස්සාට මගේ පියා කියාදුන්නු කතා කියාදෙන්න, මට හිතෙනව උට ඒව තේරෙනවා ඇති කියල. මම මගෙ තාත්ත ට ඇරුනම වැඩිපුරම ආදරේ මගෙ අම්මටයි ආච්චිටයි මගෙ මේ උකුසු පැටියටයි. " පුංචි ඇශෝල්පන් පුංචි ඇශෝල්පන් නිහඬ තෙරක් නොපෙනෙන තුන්ද්‍රවට පෙම් කරන්න අරං දැනට යන්තම් අවුරුද්දක්. උදෑසන තුන්ද්‍රවේ සීතලෙන් මිරිකුණු කූඩාරමක ගුලිවෙලා නිදන් සි...
අ ල්තායි කඳුවැටිය ආසියාවේ හදවත වගේ. ඇය සුන්දර ස්ටෙප්ස් තෘණ භුමි කාන්තාර ටයිගා වනාන්තර මේ හැමදෙයක් ම දරාගෙන බොහොම ප්‍රතාපවත් විදිහට නැගීසිටිනව. පැරණි තුර්කි වගේම මොන්ගෝලියන් මිනිසුන් ඇයට වශී වෙලා වෙන්න ඇති ස්වර්ණමය කඳුවැටිය විදිහට නම් කරන්නත් ඇත්තෙ. අදටත් අල්තායි සැලකෙන්නේ ලෝකයේ නොකිලිටි ස්වභාවික පරිසර පද්ධතියක් විදිහට. එහෙම උනත් අද මිනිසුන් පරිසරයට කරන විනාශය දැක්කම, රස්තියාදුකාරයාට වෙලාවකට පුදුමයකුත් ඇතිවෙනව. සමහරක් විට ඒකට හේතුව අඩු ජනගහණ ඝනත්වය වෙන්නත් ඇති. ඒ කොහොම වුනත් ඇගේ නොවෙනස්වන සුළු ස්වභාවය ඇත්තටම පුදුම සහගතයි!. රස්තියාදුකාරයා මේ පළාත ගැන සොයාගත් විස්තර වල හැටියට, මේ පළාත සංස්කෘතිමය වශයෙන් බොහොම ඉපැරණි යුගයක් දක්වා විහිදී යන බව දැනගන්න ලැබුණ.ඒ අතර වැඩියෙන්ම වැදගත් වුනේ අල්තායි පලාතට මීට වසර මිලියනයකට පමණ පෙර මිනිසුන් පැමිණ ජනාවාස කර තිබීම. අපූරු පරිසරයක් වුවත් ඔවුන් ජිවත් ජිවත් වීමට විශාල සටනක් ගෙනියන්න ඇති. රස්තියාදුකාරයා දැකපු විදිහට මේ අවුරුදු මිලියනයක කාලසීමාව තුල මේ හේතුව නිසාම ඔවුන් තුල විශාල විපර්‍යාස ඇතිවෙන්න පටන් අරන්. උදාහරණ විද...