Thursday, August 4, 2016

රස්තියාදුකාර පුරවැසියා - ගෑණු ළමයි ඇල්ගොරිතම සහ පාට ගැන කතා තුනක් (three stories about girls, algorithms and colors )


රස්තියාදුකාර පුරවැසියා 6 -  ගෑණු ළමයි ඇල්ගොරිතම සහ පාට ගැන කතා තුනක් (three stories about girls, algorithms and colors )

බොග් දෙකක් නඩත්තු කරන එක අමාරු නිසාත් අටං කියපු හින්දත් මේකෙම ලියනව ඕං෴

පාට... , ඔව් පාට කියන්නෙ මාරම දෙයක්. මිනිස්සු පාට නිසා අමුතුම සංකල්ප බිහිකරගෙන. අරය සුදුයි , මෙයා කලුයි , අරය ලස්සනයි , අර ගහ කොළ පාටයි , අරය ඇෆ්රිකන් , මෙයා ඇමරිකන් , ලේ රතුපාටයි , අපි සිංහලේ , අරය මුස්ලිම් .... ඔය විදිහට

අද තියෙන්නෙ මම ඊයේ දැක්ක ගහම නොවුනත් ගහ කොළපාට වුන එකත් මාරම දෙයක්. ගහෙන් කොළපාට ඇර ඉතිරි සේරම පාට උරාගෙන. අපේ ඇහැටත් පරාවර්තනය වෙලා. පුංචි කාලෙ අපි නොදන්න කමට අපි අම්මගෙන් අහල "අර මොකක්ද අම්මෙ?" කියල. අම්ම කියල "ඒ පුතේ කොළ පාට , ආ ඒ පේන දේට කියන්නෙ ගහක්" කියල.

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක අපේ පෘථිවිය වගේ සමාන්තර ලෝකයක් තිබුනලු. ඒ ලෝකෙ මිනිස්සුන්ට තිබුනෙ එක්ස් කිරණ (X-ray) වලට සංවේදී ඇස් ලු. ඒ කියන්නෙ එයාලට අරගන්න පුළුවන් පරාවර්තනය වුණු X වර්ගයේ තරංග ලු. ඔන්න ඒ ලෝකෙත් හිටියලු අපේ කලින් කතා කරපු ලඟකදී ඉපදුනු  බබාම ඒ වෙලාවේම ඒ පේන පරිසරයේම. එයාත් අපේ පෘථිවි බබා වගේම දෙයක් දැක්කලු. එයා එයාගෙ අම්මගෙන් ඇහුවලු අම්මෙ අර මොකක්ද කියල. දෙන්නම දකින්නෙ මොකක් හරි එකදෙයක් නෙ. ඉතින් අම්ම දුන්න උත්තරේ මොකක්ද?   අපිට පෙනුණු ගහ එයාටත් පෙනෙයිද? ඒ පේන එක ගහක් ද?  එහෙනං ඒ මොකක්ද? ඒකෙ පාට කොළ පාටද? ඒක පාටක් ගනීද? එතන මොකුත් ඇතිද? අපි ගන්න දැනුම අපි දකින දේට සාපේක්ෂ ද? එහෙනං අපි දැකපු එක බොරුවක් ද? අම්ම අපිට බොරු කරාද? එතකොට ඇත්තටම ගහ මොන වගේද? එතකොට අපි දකින්නෙ ඒ ඇත්තටම අම්මවද? සමාන්තර ලෝකෙ බබාගේ අම්ම කොහොම ඇතිද? එයාගේ හමේ පාට මොකක් වෙන්න ඇතිද? අම්ම ලස්සන ඇතිද? අම්ම ඇමරිකන්ද? අම්මගෙ ඇඳුම් කොයි වගේ ඇතිද? 
ටිකක් හිතල බලන්නකෝ.....

ඇල්ගොරිතම කියන්නෙ පරිගණක විද්‍යයාවේ ගොඩාක් පාවිච්චි වෙන වචනයක්. සරලව කිව්වොත් ඒක නිකං දෙයක් කරන නිශ්චිත ක්‍රමයක් වගේ. හරියට බබෙක්ට බත් පිඟානක් බෙදල දීල , පිඟානෙ දකුණු පැත්තෙන් පටන් අරං කාගෙන යන්න කියනව වගේ. මේවා නිකං හරි යාන්ත්‍රිකයි. ඒ කියන්නෙ අපි වගේ නෙවේ. අපි මිනිස්සු විදිහට කැමතියි වෙනසක් දකින්න. ඒත් කොම්පියුටර් වෙනස දකින්නේවත් වෙනසක් දකින්න ආස කරන්නෙවත් නෑ. මිනිස්සු මේ කාලෙ වෙද්දී වෙහෙසෙනව ඔය කියන ආසාව කැමැත්ත ඇති කරවන්න. ඕක තමා ඔය කෘතීම බුද්ධිය කියල කියන්නෙ.

අද කාලෙ ගෑණු ළමයෙක් ගත්තොත් මාරම වෙනස්. අපේ ආච්චිල ෆේස්බුක් පාවිච්චි කළා යෑ. ඉතින් එහෙම බලද්දී අද කාලෙ ගෑණු ළමයි හරි දියුණුයි. ඔන්න ඉතින් ගෑණු ළමයෙක් ට අද කාලෙ ලස්සන වෙද්දී නැතුවම බැරි දෙයක් තමයි ඇල්ගොරිතම කියන්නෙ. කොටින්ම කිව්වොත් ඕක ෆෙයාර් ඇන්ඩ් ලවුලි පොන්ඩ්ස් වයිට් බියුටි ක්ලෝගාඩ් සිග්නල් වලට වඩා දාස් ගුණයක් ප්‍රයෝජනවත්.  ඔය ඇල්ගොරිතමය අපි සරලව හඳුන්වනව ඩයිනමික් ස්කින් සොෆ්ට්නර් කාණ්ඩයේ බියුටි කචල් ඇල්ගොරිතම විදිහට. කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නෑ.සල්ලිත් ඉතුරුයි.

 ඕව ඉතින් අද කාලෙ ඕනේ ජංගම දුරකථනෙක තියෙනව. අර බියුටි ෆේස් කියන්නෙ. ඔන්න ඉතින් ඕවට පින්සිද්ද වෙන්න අපේ කොල්ලොත් රැවටෙනව. ඇයි පාරේදී දකිද්දී එකක් ෆොටෝ එකේ දකිද්දී තව එකක්. හැබැයි ඒකෙ වරද්දකුත් නෑ. මොකද ලස්සන වීම ගෑණු ළමයෙක් ගේ අයිතියක්. අපේ රටේ ගෑණු ළමයි බහුතරයක් ගේ හම දුඹුරු පාටයි. හරි අපි කියන්නෙ කළු කෙල්ලෙක් කියල උනාට ඇත්තටම අපිට තියෙන්නෙ දුඹුරු වර්ණයේ විවිද මිශ්‍රණ. අපි සුදු කෙල්ලෙක් කිව්වට ඇත්තටම උතුරු අර්ධගෝලයේ ගෑල්ලමයි ට සාපේක්ෂව අපේ ගෑල්ලමයි දුඹුරුයි. පිරිමි ගැන උනත් ඔච්චර තමා. එතකොට ඇයි උතුරු අර්ධගෝලයේ ගෑල්ලමයි හම ටෑන් කරගන්න(දුඹුරු - ඔලිව් පාට වගේ) කරගන්න දඟලන්නෙත් අපේ ගෑල්ලමයි හම සුදු පාට ට ලංවෙන්න වත් කරගන්න බලන්නෙ? අපි වෙනසක් දකින්න කැමති නිසාද? 
අපේ අම්ම අපිට ඉගැන්නුව මේ පාට කළුයි/දුඹුරුයි කියල. ඉතින් ඒත්  වෙලා තියෙන්නෙ  වැටුණු ආලෝකය සෑහෙන දුරට උරාගෙන පරාවර්තනයක් නැති තරම් වෙලා. අන්න එතකොට ඒ අපේ ඇහෙන් ගත්තු සිග්නල් එකට අපි නමක් දීල මේක කළුයි/දුඹුරුයි කියල. එතකොට X-ray ලෝකෙ, එහෙ ගෑල්ලමයි කොහොම ඇතිද?  අපේ ලෝකෙ කොල්ලෙක් එයාව කොහොම දකීද? ආදරයක් ඇතිවෙයිද? ආදරේට පාට ඕනෙමද? ලස්සනේ උපරිමය මොකක්ද ? අවමය මොකක්ද?  ලස්සන දකින දේට සාපේක්ෂව හදාගත්තු දෙයක් ද? ඇත්තටම ගෑණු ළමයෙක් ඇතිද? 
මං කියන්නෙ හදිස්සියේ වත් ගැමා කිරණ වලට සංවේදී ඇස් තියෙන ලෝකයක් තිබ්බොත්?


 (ගැමා කිරණ මීටරයක් [මට මතක හැටියට] පමණ කොන්ක්‍රීට් කුට්ටියක් ඇතුලෙනුත් ගැටළුවක් නැතුවම විනිවිද යනව. පරාවර්තනයක් නැති තරම් ) 


9 comments:

  1. මම මේ හිතාගන්න උත්සාහ කරන්නෙ විදුරට මේ හදිස්සියෙ මේ වගේ පෝස්ට් එකක් ලියන්නහේතු වුන දේ මොකක්ද කියලා. අනික මොකක්ද බං කතා තුනක් කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. නිකං අල්ල පනල්ලෙ හිතට ආපු එකක් බං ඩුඩ් ... මේක මම මූණු පොතේ සතිපතා දාන පෝස්ට් එකක 6 වෙනි කොටස ... මේක මං බ්ලොග් අවකාසේ රස්තියාදුකාර පුරවැසියා කියල වෙනම බොග් එකක ලිව්වෙ. මටම කම්මැලි හිතුන බොග් දෙකක් නඩත්තු කරන්න. අටං ලොක්කත් කිව්ව මේකට ගන්නැයි කියල. ඉතින් මං හිතුව මේකෙම වෙනම ලේබල් එකක් යටතෙ ලියන්න.

      නිකං අපි මේ දකින දේ ගැන මට ආපු පොඩි පුරස්නයක් ලීවේ. අපේ ඇහැට හැකියාවක් තිබුනොත් ඉන්ෆරෙඩ් වලින් , එක්ස් රේ වලින් ගැමා වලින් දකින්න , ඇයි එකම දේ කීප විදිහකට පේන්නෙ. ඔන්න අම්ම අපිට ඉගැන්නුව නෙ "අර පුතේ මිනිහෙක් කියල".. ඉතින්ඔ ඔන්න උඹ ඉන්නව , මම උඹ දිහා ඔය කියපු ක්‍රම තුනකින් බැලුවොත් , දෘශ්‍ය ආලෝකේ යටතෙ මට "ඩුඩ්" වම පෙනෙයි. ඉන්ෆරෙඩ් වලින් මට නිකං බොඳ වෙච්චි සර්පයට පේන විදිහට පෙනෙයි. ගැමා වලින් බැලුවොත් මුකුත් පේන්නෙ නැතිවෙයි. එකකොට මම "ඩුඩ්" කියල ඇත්තටම කතා කරන්නෙ අදහස් හුවමාරු කරන්නෙ කාත් එක්කද.. මට දැනෙන්නෙ කවුද.. ඇයි හැම දේම දකින දේට සාපේක්ෂ... ඔන්න ඕකයි අවුල

      /*අනික මොකක්ද බං කතා තුනක් කියන්නෙ*/
      මට මාතෘකා තුනක් දාන්න අමතක උනා බං ,, ඔය එකකට එකක් සම්බන්ධ කතා තුනක් තියෙන්නෙ...

      Delete
    2. අළුත්වා මොකටද පරණ එකේම ලියමු

      Delete
    3. @අටං
      එළ මේකෙම ලියන්නන් වෙනම ලේබල් එකක් යටතෙ...

      Delete
  2. අනේ මචං මේ ටෙම්පලේට් එක හොදද

    ReplyDelete
    Replies
    1. මොකක් හරි අවුලක් ආවද ...පරණ ටෙම්ප්ලේට් එක මගෙ අතින් වැරදිලා මැකුන බං

      Delete
  3. තවත් ගොං වැඩ නොකර මේකෙම ලියමු , පරන පොස්ට් පේන විදිහට හදමු , උඹට ලැජ්ජයිවාගේනං ඒවා ටිකක් එඩිට් කරහං

    ReplyDelete
  4. මේවා මහ මෝලේ කොලොප්පම් වෙන කතා.....

    ReplyDelete

කරුණාකර ගැටළුවක් මතුවුවහොත් මේ සමග ඇති මුලාශ්‍ර භාවිතා කරන්න...